දේශීය පුවත්

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා වඩාත් සුදුසු විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව ඇති බව පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජනාධිපතිවරයාට මතක් කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය විවෘත කිරීම සඳහා පැමිණීමෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහයේදී ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

මෙම ප්‍රකාශයම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද  ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා මතක් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවද ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානය  ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සමග මෙම අදහස් සාකච්ඡා කළ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා එක් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ දෙමළ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් අපේක්ෂාවෙන් වසර ගණනාවක් සිට බලාගෙන සිටින බවය.

දෙමළ දේශපාලනඥයින් හෝ වෙනත් දෙමළ සංවිධාන ශ්‍රී ලංකාවෙන් වෙනම කොටසක් ඉල්ලා නොසිටින බවත් මේ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් බවත් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More