දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධය පරාජය කිරීමට එක්වු සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට ද එක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මහාසංඝරත්නය ප්රමුඛ රටේ සමස්ත ජනතාව තැබු එම අපේක්ෂාව ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කැපවෙනු ඇති බවයි.
මිතුරු වෙසින් පැමිණෙන සතුරු බලවේග හඳුනාගනිමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරි ගමන යා යුතු බවයි අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසුවේ.
ඊයේ රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයේ විශේෂ අනුශාසනාව සිදුකරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියේය.
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව අද දහවල් මහා සංඝරත්නය 309ක් විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක්ද සිදුකෙරුණි.
එම දානමය පුණ්‍යකර්මයට ත්‍රෙයිනිකායික මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියේය.
අභයතිස්ස හිමිගෙන් ජනපතිට හා අගමැතිට ඔවදනක්
අභයතිස්ස හිමිගෙන් ජනපතිට හා අගමැතිට ඔවදනක්
Gepostet von Ada Derana Sinhala am Sonntag, 5. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...