දේශීය පුවත්

මහ මැතිවරණයට තරග කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් වෙයි.

ඒ සඳහා පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (7 වැනිදා) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත. මෙහිදී මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

සෑම ආසනයකම මැතිවරණ කමිටු ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කරන ලදී.

එහි සුගතිය විමසීමටද මෙහිදී බලා​පොරොත්තු වෙයි. ආසන සංවිධායකවරුන් නොමැති ආසනවලට නවක සංවිධායකවරු පත්කිරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More