දැන් විපක්‍ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන බව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (04දා) බද්දේගම නගරයේ පැවැති පාක්‍ෂික හමුවකදී පැවැසීය.
ජනාධිපතිවරණයේදී හැටනව ලක්‍ෂයකගේ අපේක්‍ෂාව වූයේ එවැනි දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කිරීම සඳහා ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරදීම විපක්‍ෂයේ වගකීම බවද විපක්‍ෂනායකවරයා කීය.
මේ රටේ හැටනව ලක්‍ෂයක් අපි රට බෙදන, රට කඩන, රට විනාශ කරන ජාති ද්‍රෝහීන් යැයි කිව්වා. ඒත් ඡුන්දය ඉවර වුණාට පස්සෙ ඒ ගැන සද්දයක් නැහැ. ඡුන්ද ප‍්‍රතිඵල ආවාට පස්සෙ එම්සීසී ගිවිසුමේ සියයට හැත්තෑවක් හොඳයිලූ. මේ අය කොහොම මේවා කියනවද දන්නෙ නැහැ.
එම්සීසී ගිවිසුම වහාම ඉරා දමන්න. අපි හිතනවා නිදහස් දිනයට පෙර මේ ගිවිසුම ඉවත් කරයි කියලා. ඒ නිසා මේක තහනම් කරන්න එන සතියේ යෝජනාවක් ගේන්න. අපි එයට සහයෝගය දෙන්නම්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...