දේශීය පුවත්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය සඳහා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් දිගින් දිගටම විරෝධය ඵලකර සිටිති. ඊයේ (23) දින රාත්‍රි ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පකිෂයේ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන්නේ ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිත අමාත්‍යමණ්ඩල සංශෝධනය පිළිබඳවයි මෙහිදී එක්සත් ජාතික පක්ෂය විසින් අමාත්‍යමණ්ඩල සංශෝධනය සඳහා ඉදිරිපත්කර ඇති නාම ලේඛනය පිළිබඳව සාකච්ඡාවී තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යෝජනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දැඩි විරෝධයක ඵලකර තිබේ.

හමුදාව පාලනය කළ කෙනෙකුට පුළුවන්ද පොලිසිය පාලනය කරන්න මෙතන අනිවාර්යයෙන්ම ගැටුමක් ඇතිවෙන්න පුළුවන් ඒක ආණ්ඩුවට හොද නැහැ යනුවෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෙන්වා දී තිබෙනබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මේ සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණය කුමක්ද කියා මේ දක්වා වාර්තා වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More