පසුගිය දා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහයේදී සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා විසින් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා මඟහැරීමක් පිළිබඳව තොරතුරු වාර්තාවේ.
කිසිදු අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ සිටින අසල නොසිටීමට සජිත් ප්‍රේමදාස උත්සාහයක් ගන්නා බව ඉතා හොඳින් පෙන්නුම් කෙරුණු බව පැවසේ.
රනිල්ව මග හැරී සජිත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාව හමුවී තිබේ.
එකිනෙකාට ආචාර කර ගැනීමෙන් අනතුරුව සජිත් හා ගෝඨාභය අතර කෙටි කතාබහක් සිදුවූ අතර ගෝඨාභය සජිත්ගේ අතින් අල්ලාගෙනම කතාබහ ආරම්භ කරනු ලැබීය.
“ඔබතුමා රට වෙනුවෙන් සිදුකරන සියලුම යහපත් දේවල්වලට විපක්‍ෂයක් වශයෙන් සහයෝගය ලබාදෙනවා” යනුවෙන් සජිත් පැවසූ දෙයට ජනාධිපතිවරයා මඳ සිනහවකින් ප්‍රතිචාර දක්වා තිබේ.
“අපි කොහෙදිවත් ළඟදී හම්බ වුණේ නැහැ නේද?” සජිත් පැවසු අතර “ඔව්. ඒක තමයි හම්බන්තොට පැත්තේ එහෙම ගියාද?” යනුවෙන් ගෝඨාභය විමසා තිබේ.
“ඔව් ගියා. ප්‍රශ්නයක් නැහැ. වැඩ කරගෙන යනවා” ලෙසින් සජිත් සඳහන් කළ අතර “විපක්‍ෂ නායකකමත් ලැබුණා නේද?” යනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන් අනතුරුව විමසා තිබේ.
එවිට සජිත් සඳහන් කර ඇත්තේ “ඔව්. ඒ තනතුර රටේ යහපතට යොදා ගන්නවා” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...