පසුගිය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.
“ජනවරම ඉල්ලුවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න, නීතිය අකුරට ඉටු කරන්න. කොළේ වහලා ආණ්ඩුව කරන මේ කෙරුම් ටික ජනතාව දැනගන්න ඕනේ. මහබැංකු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න. මුදල් ගත්ත වාර්තා ටික එළියට දාන්න. වහාම දූෂිතයන්ට දඬුවම් දෙන්නත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කළේ විජේදාස රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදය සීමා කරන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.
එමඟින් ප්රජාතන්ත්රවාදී සමාජයක තියෙන අයිතිය අමු අමුවේ උල්ලංඝනය වන බවත් ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...