දේශීය පුවත්

පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණවලට අදාළව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ තරුවක් ඉවත් කිරීමට පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මේ අනුව සංජීව බණ්ඩාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට පොලිස් අධිකාරි ධුරය දක්වා පහතට හෙළා ඇත. පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දිනය වනවිට සංජීව බණ්ඩාර මහතා කොළඹ දකුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරමින් සිටි අතර පාස්කු දා ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉහළින් ලැබුණු වාර්තා පහළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම සිදුකරගෙන යන විමර්ශනයකට යටත්ව සංජීව බණ්ඩාර මහතාගේ නිලය පහත හෙළීමක් කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More