සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංශෝධන කිරීමෙන් පමණක් ව්‍යවස්ථාවේ ඇති කඩතොළු මැකිය නොහැකි බවයි.
එබැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට දැනෙන බවත් පැවසු අමාත්‍යවරයා, රටේ උරුමයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් රටේ ජනතාවගේ සිතුම් පැතුම් කේන්‍ද්‍ර කර ගත් අනාගතයට වලංගු ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇතැයි ද පැවසීය.
21 වන සංශෝධනය ගැන එක් අතකින් සතුටු වුවත් විශේෂයෙන් තම ඡන්ද දායකයාට කිට්ටු වු මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා මිශ්‍ර ක්‍රමයක අවශ්‍යතාවය පවතින බවත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...