ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ‘අර්ධ සුඛෝපභෝගී’ නම් මඟීන් ගසා කන බස් මාෆියාව නතර කරන බව මුල දී ආණ්ඩුව ප‍්‍රචාරය කර තිබුණ ද, එය තව දුරටත් කල් දමා ඇත.
අර්ධ සුඛෝපභෝගී බස් හිමියන් සහ ප‍්‍රවාහණ කළමනාකරණ ඇමතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනවාරි 01 වැනි දින පවත්වා ඇත. එහි දී එම බස් හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ, ‘අර්ධ සුඛෝපභෝගී’ යන්න වෙනුවට ‘ශීඝ‍්‍රගාමී සීමිත නැවතුම්’ යනුවෙන් නම් වෙනස් කර ධාවනය කිරීමට ඉඩ දෙන ලෙසත්, එසේ නොකළහොත් බස් ව්‍යාපාරය කඩාවැටෙනු ඇති බවත් ය.
බස් හිමියන්ගේ යෝජනාවට ඇමතිවරයා එකඟ වී නැති බව අනාවරණය වේ. එහෙත්, මේ පිළිබඳව කරුණු සොයාබැලීමට සතියක කාලයක් ගැනීමේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.
අර්ධ සුඛෝපභෝගී බස් මාෆියාව අහෝසි කළ යුතු බවට සමීක්ෂණයක දී 100% බස් මඟීන් ප‍්‍රකාශ කර තිබිණි. එසේම මෙම බස් රථවලට ගොඩ වන මගීන්ගෙන් සැලැකිය යුතු පිරිසක් ටිකට් පතක මිල 150%ක් බව නොදන්නා බව ද අනාවරණය වී තිබිණි.
ලංකා මාරසිංහ – ලංකා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...