දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවී තිබෙන බව ජාතික නිදහස්පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අවසන් නිල ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් නොකිරීම ඒ ඒ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිශත තවම ලබානොදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවාසි සිදුවී ඇති බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රට හමුවේ සිදුවී ඇති දේ පැවැසිය යුතුයි. අද අලුත් ඡන්ද කොපමණ ප්‍රමාණයක ප්‍රතිශතයක් අපට දුන්නද, රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයෙන් කොපමණ අපට ලැබුණාද කියා නිල දත්ත අප ළඟ නැහැ. තැපැල් ඡන්ද ප්‍රතිඵලය හැමදාම මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා. මේ සැරේ ඒකත් වැහුවා. එහෙම වුණේ තැපැල් ඡන්දවල බහුතර ප්‍රතිශතයක් අපට ලැබුණ නිසයි.

කොට්ඨාසවල ඡන්ද ප්‍රතිශත තවම අපට දෙන්නේ නැහැ. මේවා දුන්නම එකතුකරලා තමයි ලංකාවේම ඡන්ද ප්‍රමාණය හදාගන්න පුළුවන්. ජාතික වශයෙන් ප්‍රතිඵල දෙන්නෙත් නැහැ. එතකොට සැකයක් එන එක සාධාරණයි යනුවෙන්ද විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More