ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.
මනා ලෙස සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කථාව අගය කළහ.
ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස මෙහිදී ජනාධිපතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu), ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ (Mr. Jorn Rohde), ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්‍රා බයිස්ට්‍රෝචි (Ms Allegra Baistrocchi), ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප් (Ms. Tanja Gonggrijp), ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ (Mr. Victor Chiujdea) යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් (Mr. Denis Chaibi) මහතා ද හමුවට එක්ව සිටියහ.
සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කියා සිටියේ දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියා පිළිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බවයි.
නිදසුනක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ එහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බවයි.
ඒ වෙනුවට දේශපාලනඥයන් විසින් කළයුතු වන්නේ විකල්ප විසඳුම් සෙවීමයි.
පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් පොලිසිය දේශපාලනීකරණය වීම ජනාධිපතිවරයා උදාහරණයක් ලෙස ගෙන දැක්වීය.
පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප්‍රායෝගික බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.
එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටලු විසඳීමට මගපාදනු ඇතැයි එතුමා පැවසිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...