දේශීය පුවත්

නීතිපතිතුමාගේ පුද්ගලික සහායක නීතිඥ වන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එම තනතුරට අතිරේකව ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් පත් කර ඇති ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවස.

මෙය එසේනම් බරපතළ ප‍්‍රශ්නයක් බව ජාතික ජනබලවේගයේ විශ්වාසය බව ඔවුන් පෙන්වා දෙයි.

අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරක් වන නීතිපති තනතුර සහ ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්‍ෂා වන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර ඇති සම්බන්ධතාවය ඉවත් කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද එම සංවිධානය සඳහන් කර සිටියි.

නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන ලෙස, එනම් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියා කළ හැකි ආයතන ලෙස පැවැත්විය යුතු වනවා පමණක් නොව එය එසේ පෙනී යා යුතු බවත් ජනතාව නීති ක‍්‍රියාවලිය පිළිබඳව විශ්වාසයක් පවත්වනු ලබනුයේ එසේ වුවහොත් පමණක් බවත් සඳහන් කරමින් ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර තිබෙි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

‘නීතිපති තනතුර නීතියෙන් ස්ථාපිත කර ඇති තනතුරක් වන අතර ඔහුට නීතියෙන් පවරා ඇති බලතල පමණක් භාවිතා කිරීමට බලය ඇත. ඔහු වෙත නෛසර්ගික බලතල පැවරී නොමැති වුවත් අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්‍ෂා වන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර ඇති සම්බන්ධතාවය ඉවත් කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

අපරාධ වරදවල් පිළිබඳ අධිකරණයේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ පොලීසියට කරනු ලබන පැමිණිල්ලක් විභාග කිරීමෙනි. එම නිසා අපරාධ වරද පිළිබඳව පොලීසිය කරනු ලබන පරීක්‍ෂණය ඉතා වැදගත් වේ. එම පරීක්‍ෂණ නීත්‍යානුකූල හා සාධාරණ නොවුවහොත් අප වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අපේක්‍ෂා කරනු ලබන ස්වාධීන අධිකරණමය ක්‍රියාවලියට බාධාවක් වනු ඇත.

මෑතකදී සිදු වී ඇති අපරාධ වරද පිළිබඳව අත්අඩංගුවට ගැනීමේ හා පරීක්‍ෂණ පවත්වන ආකාරය පිළිබඳව ප‍්‍රශ්න මතුව තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දීර්ඝ කාලයක් එනම් දින ගණනාවක් ප‍්‍රශ්න කිරීම්වලට ලක් කිරීමෙන් එම පුද්ගලයන් වද හිංසාවට හා විශේෂයෙන් මානසික වද හිංසාවට ලක්වන බව පිළිගත යුතුව ඇත.

මෙන්ම මෑතකදී යම් පැමිණිලිකරුවන් විසින් සාපරාධී ක්‍රියාවන් පිළිබඳව කරන ලද පැමිණිලි විමර්ශනය කිරීමටත් ප‍්‍රථම ඔවුන් පෙලීසිය විසින් සැකකරුවන් ලෙස සලකා ඔවුන්ව වද හිංසාවට ලක් කරන ආකාරයට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් හා රඳවා තබා ගනිමින් හිරිහැර සිදුකරනු ලබන බව පෙනී යයි. මෙය පොලීසියට පැමිණිලි කිරීම වළක්වාලීම සඳහා කරනු ලබන අනතුරු හැඟවීමක් විය හැක. එම කරුණු ද දැඩි ලෙස විමසීමට ලක් කළ යුතුව ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගෙන අධිකරණ ක‍්‍රියාවලියෙහි ඉතා වැදගත් ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනත්වය තහවුරු කිරීමට වහා කටයුතු කරන ලෙසත් සියලු නීති කටයුතු යුක්තියේ හා සාධරණත්වයේ මූලධර්මයන්ට අනුකූලව කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ජනබලවේගය ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.

‘ජාතික ජන බලවේගය’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More