දේශීය පුවත්

හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක පසුගිය කාලයේදී රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු අනෙකුත් ඉහළ නිලධාරීන් සමග ගැසූ ‘ගේම්’ ඔහුගේ හඬපටවලින් හෙළිදරව් වී ඇතැයි රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06 දා) නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීය.

‘‘රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ නිවස පොලිසිය විසින් පරීක්‍ෂාවට භාජනය කර ඔහු අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ හැසිරීම ගැන අපගේ අප‍්‍රසාදය පළ කරනවා. නීති විරෝධී ගිනි අවියක් සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්වෙනවා. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබෙනවා.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා එවකට නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටියදී සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග කෙරෙනු හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යවලින් දකින්න ලැබෙනවා. මේ වගේ හඬ පට හතරක් අද ඉදිරිපත් කරනවා. ලබන සතිය වන විට මේ රටේ විනිසුරුවන් සමග කළ සාකච්ඡුා පිළිබඳව හඬ පට ඉදිරිපත් කරනවා. මේ හඬ පට දිහා බැලූවම රටට පැහැදිලිවම පෙනෙනවා යහපාලන ආණ්ඩුව නීතිය නමලා පමණක් නොව නීතිය විනාශ කරපු ආකාරය.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගත යුත්තේ අවසර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමට නොවේ. මේ හඬපට සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ යුතුයි. රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා දුරකථනයෙන් විනිසුරුවන්ට කතා කරලා විභාග වන නඩුවල සැකකරුවන් සිරගෙදරට යැවීම පිළිබඳව සාකච්ඡුා කිරීම පිළිබඳව මේ හඬ පටවල සඳහන් වෙනවා. රන්ජන්ගේ බලාපොරොත්තුව වගේම හිරුණිකාගේ, මවගේ හා ශානි අබේසේකරගේ බලාපොරොත්තුව දුමින්ද සිල්වා හිරගෙදරට යැවීමයි. දැන් බොහොම පැහැදිලියි දිට්ඨධම්ම වේදනීය කර්මය රන්ජන්ට පටිසන්දී රන්ජන්ගේ දුරකථන සංවාද එළියට ඇවිල්ලා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More