මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජිනීවා යෝජනා පිළිබඳව යළි ප්‍රශ්න කරනු ඇති බැවින් රට අභියෝගයට ලක්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සමග එක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිළිබඳව කඩිනම් තීරණයක් ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (6 වැනිදා) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
ජාතික ඇල්මක් ඇති පුද්ගලයන් එම ස්ථානවල සිටිය යුතු බවත්, ඔවුන් දිගටම සිටින්නේ නම් ස්විස් තානාපති කාර්යාල සිද්ධිය වැනි තවත් චෝදනා රැසක් මාර්තු මාසය වන විට නිර්මාණය කරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මහ බැංකු අධිපති ලෙස මහචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පත්කිරීම ඉතාමත් සාධනීය පියවරක් ලෙස පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා ඔහු නව ලිබරල්වාදයට දැඩිව විරුද්ධ වූ දක්ෂ ආර්ථික විශේෂඥයෙක් බවද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...