සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමගම රන්ජන් රාමනායක වැනි අයට නාමයෝජනා දෙන්න එපා කියලා එජාපයේම අය කීවා. රන්ජන්ව අත්අඩංගුවට ගැනීම එ.ජා.පයෙන් ඔහුට නාමයෝජනා ලබාදීම වළක්වන්න සිදුවුණු කුමන්ත්‍රණයක්ද කියා සැකයක් මතු වෙනවා යැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.
අමාත්‍යවරයා මෙලෙස පැවසුයේ පෙරේදා (05 වැනිදා) ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක වක්කුඹුර මහතා – ‘‘විපක්ෂයේ අය කියනවා රන්ජන්ව අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුව කියලා. ආණ්ඩුවට අවශ්‍ය නෑ කවුරුවත් අත්අඩංගුවට ගන්න. බලපත්‍ර නැති තුවක්කු තිබ්බා නම් නියමිත ප්‍රමාණයට වඩා පතරොම් තිබ්බා නම් ඒවා ලැබුණේ කොහෙන්ද? එතුමාගෙ සීඩී තැටි තිබුණේ කොහේද? ඒවායේ මොනවද තිබුණේ මොනවද කියලා හරියටම දන්න කෙනෙක් පොලිසියට ඔත්තුව දෙන්න ඇති. මොකද මේවා සොයන්න ආණඩුව ගෙවල් අස්සේ රිංගුවේ නැහැ. ඒ ගෙවල්වලට රිංගපු අයතමයි මේවා දන්නේ.
එජාපයේම පිරිසක් වෙන්න පුළුවන් රන්ජන් රාමනායකගෙ ගේ ඇතුළේ යම් යම් දේ තිබෙනවා කියලා ඔත්තුව පොලිසියට දෙන්න ඇත්තෙ.
විපක්ෂය කැමැති තමන්ගෙ අයෙක් හරි බිල්ලට දීලා ජනතා හිත දිනාගන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි පසුගිය කාලයේ කරපු හොරකම් පිළිබඳව පියවරෙන් පියවර පරීක්ෂණ සිදුවෙනවා. මහ බැංකු හොරකම පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...