මේ ආණ්ඩු කාලය තුළ බැඳුම්කර වංචාවේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
ඊට රුකුලක් වීමට ඒ සඳහා වගකිව යුත්තන් නම් කර තමා ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවද එම වගකිව යුත්තන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා කෙරෙහි තමා තරයේ විශ්වාසය තබන බවද කබ්රාල් මහතා කීවේය.
මෙහි මොළකරු හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි. එයා තමයි මේක වසන් කිරීමට හැම පැත්තකින්ම සහාය දීල තියෙන්නේ. බැඳුම්කර නිකුතුව වැනි මහ බැංකුවේ තාක්‍ෂණික කටයුතුවලට දේශපාලනඥයන් ඇ`ගිලි නොගැසිය යුතු බවද ඔහු කීවේය.
‘බැඳුම්කර වංචාවේ මහා වසන් කිරීම’ මැයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් රචිත ග‍්‍රන්ථය එළිදැක්වීම
පසුගිය සිකුරාදා (03 දා) රාත‍්‍රි කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි. එම ග‍්‍රන්ථය ජනගත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කබ්රාල් මහතා මේ බව කීවේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වීම ‘හොරාගෙ අම්මාගෙන් පේන අහනව වගේ’ වැඩක් බවද ඔහු කීවේය.
මෙහි වැරදිකරුවකු ලෙස චෝදනා ලබා ඇති මහ බැංකුවම කොහොමද වෝහාරික විගණනයක් කරන්නේ. එය කළ යුත්තේ විගණකාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේයි. එහෙම නොකර
මහ බැංකුවට ගිහින් විගණකාධිපතිතුමාගේ කටයුතු කරනවා නම් අපට හරි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේවා තමයි වැරදි. මේ වැරදි අප ඉතාම වෘත්තීයමය ආකාරයට පෙන්වා දී තිබෙනවා. වැරදිකරුවන්ට දඬුවම් නොකර මේ වංචාව වසං කරගෙන වසර පහක් වගේ කාලයක් ඇදගෙන ගියේ කොහොමද කියා තමාට සිතා
ගැනීමටත් අපහසු බවද අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...