රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී මෙම ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ මාසික කුලිය රුපියල් ලක්ෂ අසූහතකටය. නව රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක් වැඩි බව සේවකයන් ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරාට දැනුම් දී තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර තිබිණි. එම මුදල් යළි මහා භාණ්ඩාගාරයට යොමු කර මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබේ.
මෙම කුලී ගොඩනැගිල්ලට අදාළ මාසික කුලිය ගෙවන චෙක්පත පසුගිය දා නව සභාපතිවරයාට යොමු කළත් ඔහු එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...