දේශීය පුවත්

Update: සරණ ගුණවර්ධනට ඇප

January 7, 2020 11:23 am | Lanka Lead News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.

කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණි.

මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරිණි.

=======================================================
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ‘බරපතළ වැඩ සහිතව’ වසර 03 ක් හිර ගෙදරට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කරනු ලැබුවාය.

2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960000/- ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළාය.

ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More