චම්පික, රාජිත සහ රන්ජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත් ආකාරය සහ ඔවුන්ට එරෙහිව තිබෙන සැබෑ චෝදනා යටපත් කරන ආකාරය ගැන මේ දිනවල මහජනයා චෝදනා මුඛයෙන් කතා කරයි. ලංකා ලීඩ් නිවුස් වෙත ලැබෙන මහජන මත දැක්වීම් පිළිබඳව අප ජාතික සංවිධාන වල මතය විමසනු ලැබීය.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය ඔහුගේම වචනවලින් –
” 2015 රනිල්-අනුර එකතුව එක දිනක් වත් අපතේ යවන්නේ නැතුව අරලිගහ මන්දිරයේ ලිපිගොනු එකතු කරමින් කරපු කාර්යභාරය සමඟ සසඳන විට අපට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් කියලා තමයි. අපි කියන්නේ නැහැ ඒ වගේ නීතියට පිටින් ඇඟිලි ගැහීම් කරන්න කියලා. නමුත් ඔවුන්ගේ වැඩ කිරීමේ කලාව පමණක් ඉගෙනගෙන නීතියට අනුව හොරු ටික කොටු කරන එක මහ වැඩක් නෙවෙයි. මේ වනවිට ඇප නැතුව රිමාන්ඩ් භාරයේ ඉන්න ඕන රවී කරුනානායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය සන්දර්ශන වල රඟපන හැටි දැක්කම අඬනවද , හිනාවෙනවද කියලා හිතාගන්න බැහැ. සතුරා පනවන ප්‍රමිතීන්ට අනුව මානසික බාධක දමා ගතහොත් මහජන අපේක්ෂාව ඉටු කරන්න බැහැ. එදා මහින්ද රාජපක්ෂ බඳවාගැනීමේ පටිපාටි අකුරට බලලා පරිපාලන සංගම් වලින් අහල ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් හැටියට කරන්න හැදුවනම් අද අපට රටක් නැහැ. ආණ්ඩුවක් කරන්න ආණ්ඩුවට පක්ෂපාතී පිරිසක් ඉහල මර්මස්ථාන වල ඉන්න ඕන. පුටින් කරන්නෙ ඒක. ට්‍රම්ප් කරන්නේ ඒක. මෝඩි කරන්නෙත් ඒක. ගෝඨාභය ඒක නොකළහොත් වෙන දේ තමයි දැන් වෙන්නේ ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...