මුහුණු පොතෙන්

සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර ඇත. ඇය මේ බව පනසා ඇත්තේ මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමිනි.

” මැදපෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ මරණය ඔවුන්ගේ දෙමව්පියන් බලාපොරොත්තුවෙන් සිටින්න. අදුරු පරිච්ජෙදයක ඇරඹුම අමෙරිකාවට උදා වෙමින් තිබෙනවා. මාගේ පියාගේ මරණයත් සමග සියල්ල අවසන් කියා නොසිතන්නයි” ඇය මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේදී ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් ඇගේ ප්‍රකාශයට සහය දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය හමුදා ප්‍රධානියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි එක්ව සිටි අතර ඔහු ජිවිතක්ෂයට පත්වූ හමුදා ජනරාල්වරයාගේ සිරුර අසලටවී හඩමින් සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඉරාන හමුදා ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සමග ඇතිවන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ආරක්ෂක මණ්ඩලය වහා රැස්කරන්නැයි නියෝග කර තිබේ.

ඒ ඉරාන හමුදා ප්‍රධානියාට අමෙරිකාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය බ්‍රිතාන්‍ය විසින් සාධාරණිය කරණය කිරීම හේතුවෙන් තම රටට සහ මැදපෙරදිග ස්ථානගත කර සිටින සිය හමුදාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් එලෙස රැස්වූ බව  විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More