දේශීය පුවත්

පසුගිය වසර 5 ක කාලය තුළ අධිකරණයට සිදුවූ දේශපාලන බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ අධිකරණය පිළිබඳ ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි.

පිවිතුරු හෙළ උරුමය ඊයේ (07) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කළේය.

පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.

රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටි වලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකලේ එහෙම කලානම් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කලානම් මේ මහා අපරාධය, අධිකරනයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කලේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More