රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුට එරෙහිව වධහිංසා පැමිණවීමේ චෝදනා මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනුවී ඇත.
මෙලෙස චෝදනා ලත් නිලධාරීන් අතර මෙරටින් ස්විට්සර්ලන්තයට ගිය රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ද වේ.
මෙම පැමිණිල්ලේ දක්වා ඇත්තේ රහස් පොලිසියේ හතරවැනි තට්ටුව වධහිංසා පැමිණවීම්වලට අදාළ ස්ථානයක් බවයි. සාක්කිකරුවන් කණ්ඩායමක් මෙම නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට සාක්‍ෂි ලබාදී ඇත.
මෙයට පෙර රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ලැබී නොතිබිණි.
මෙලෙස චෝදනා ලත් හිටපු රහස් පොලිස් නිලධාරියකු ජිනීවා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් බේරී ඇත්තේ ශී‍්‍ර ලංකා රජයේ මැදිහත්වීම මතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...