ශ්රී ලංකාවේ පොදු ප‍්‍රවාහන සේවයේ සංස්කෘතික සලකුණ වන්නේ දුම්රියය. යටත්විජිතවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රීසීන් අපට දායාද කළ දුම්රිය සේවය ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. නමුත් අකාර්යක්‍ෂම රාජ්‍ය පාලනයේ ගොදුරක් බවට පත් වූ මේ අනගි දායාදය අද වනවිට රටේ ජනතාවගේ ධනය කාබාසිනියා කරන රාජ්‍ය දේපළක් බවට පත්වෙමින් තිබේ. දිනෙන් දින දුම්රියෙන් වර්තා වන පුවත් ජනතාවට කෙසේ වෙතත් රටේ අනාගතයට නම් එතරම් සුබදායක නැත.
පසුගිය ආණ්ඩු සමයේ රුපියල් මිලියන දහයක් ගෙවා ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය එන්ජින් 10 ක් මේ වනවිට ගාල් කොට ඇත්තේ මරදාන දුම්රිය කාර්මික අංගණයේය. රටේ ජනතාව දුම්රියේ පා පුවරුවල, වහල මත නැඟී නිවසට යද්දී මේ දුම්රිය එන්ජින් දහය යකඩ ගොඩක් බවට පත් වූ කතාව ඉතා ඛේදජනකය.
මෙම එක් දුම්රිය එන්ජිමක බර ටොන් 1200 ක් පමණ වේ. මෙවැනි අධික බරක් සහිත එන්ජිමක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා පීලි ඇද වී ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ධාවනයට යෙද වූ මෙම දුම්රිය එන්ජින් දෙකක් පෙරළී ගොස් ඇති අතර එම අනතුරට හේතුව දුම්රිය මාර්ග පද්ධතියට සාපේක්‍ෂව එන්ජින්වල බර ඉහළ යෑමය. රටේ දුම්රිය මාර්ග පද්ධතිය පිළිබඳව කිසිදු අධ්‍යයනයක් සිදු නොකොට මෙම දුම්රිය එන්ජින් ලංකාවට ගෙන්වීමට අනුමැතිය දුන්නේ කවුද? ඊට අනුමැතිය දුන් තාක්‍ෂණික කමිටුවට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික කාලසටහනට අනුව දිනකට ධාවනය විය යුතු දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 316 කි. නමුත් මින් ධාවනය වන්නේ ගමන් වාර 284 කට ආසන්න ප‍්‍රමාණයක් පමණි. ඉතිරි සියල්ල අවලංගු වීම දුම්රිය කාලසටහනේ දෛනික අංගයක් බවට පත්ව තිබේ. මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු වන්නේ ප‍්‍රමාණවත් දුම්රිය නොමැති වීමෙනි. මේ නිසා එක් ගමන් වාරයක් අවසන් කරන දුම්රියක් යළි ආපසු හරවා යවනු ලබයි. මේ හේතුවෙන් සියලූ දුම්රිය සේවා ප‍්‍රමාද වීම සිදුවේ. දුම්රිය ගමන් වාර ප‍්‍රමාදවීම දැන් දුම්රිය කාලසටහනේ දෛනික අංගයක් වී තිබේ. මෙම දුම්රිය ප‍්‍රමාදයන් නිසා රටේ දිනකට අහිමිවන වැඩ කරන පැය ගණන අති විශාලය. එක පැත්තකින් අකාර්යක්‍ෂම පරිපාලනයෙන් දුම්රිය සේවය පාඩු ලබද්දී එම පරිපාලනය විසින් රටම අකාර්යක්‍ෂම කරමින් සිටීම ඛේදවාචකයක් නොවේද?
ශ‍්‍රී ලංකාවේ දුම්රිය සේවය මේ මොහොතේ පවතින්නේ මරණ මංචකයේය. දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ඉහළින්ම වැජඹෙන දුම්රිය දෙපාර්තමේන්තුව රටේ භාණ්ඩාගාරය මත ඇති කරන පීඩනය සුළුපටු නැත. 2019 වසරේ ශ‍්‍රී ලංකා දුම්රිය සේවය රුපියල් කෝටි 8500 ක් පාඩු ලබා ඇති බව ප‍්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. 2020 වසරේදී මෙම පාඩුව කෝටි 12,000 ඉක්මවා යා හැකි බව ඇමැතිවරයා පවසයි. අවාසනාව වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මෙපමණ පාඩුවක් ලබමින් සිටින්නේ රටේ මගී ජනතාවගේ බහුතරයක් ප‍්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිත කරමින් සිටියදී වීමය.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලබනවා යැයි කීම පිටුපස ඇත්තේ අකාර්යක්‍ෂම පරිපාලනයයි. ඊට හොඳම උදාහරණය දුම්රිය දෙපාර්තමේන්තුවය. මෙම දෙපාර්තමේන්තුව මඟින් ගෙන්වූ දුම්රිය එන්ජින් දහය මඟින් සිදුවූ පාඩුව රුපියල් මිලියන දහසකි. එම මිලියන දහස භාණ්ඩාගාරයට නැවත ලබාගත හැකි ක‍්‍රමයක් නැත. භාණ්ඩාගාරය මඟින්
දිගින් දිගටම කරන්නේ දුම්රියට මුදල් පොම්ප කිරීමය. ලංකාවේ දුම්රිය ගොඩනැඟීමට ඇත්තේ ක‍්‍රම දෙකකි. ඉන් එක් ක‍්‍රමයක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව යකඩවලට විකුණා මිනිසුන්ට බස් රථවලින් ප‍්‍රවාහන කටයුතු කරන ලෙස උපදෙස් දීමය. එවිට මේ වසරේදී පමණක් කෝටි 12,000 ක ධනයක් රටට ඉතිරිවනු ඇත. දෙවැන්න දුම්රිය දේශපාලනීකරණයෙන් මුදාගෙන එය දක්‍ෂ පරිපාලකයකු අතට පත්කිරීමය. මේ ක‍්‍රම දෙකෙන් ඉතා පහසුම ක‍්‍රමය තෝරා ගැනීම ආණ්ඩුවට භාරය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...