දේශීය පුවත්

දුරකතන සංවාද පටිගත කරමින් ළඟ තබා ගැනීම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ මෝඩ ක්‍රියාවක් බවත්, එහෙයින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එජාප ප්‍රබලයන් අතර වූ සාකච්ඡාවක දී ප්‍රකාශයට පත්ව ඇතැයි වාර්තා වේ.

එජාප පක්ෂ මූලස්ථානයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම අදහස් ඉදිරිපත් වූ බවයි.

එහිදී අදාළ ප්‍රබලයන් ප්‍රකාශ කර ඇත්තේ මහමැතිවරණයකට මුහුණ දීම කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ ජනතාව හමුවට යාම දැඩි අවධානම් තත්ත්වයක් වන බවයි.

රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් සිදුකළ අනුවණ ක්‍රිියා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉතා ශක්තිමත්ව නැගී සිටිය යුතුම මොහොතක එම අවස්ථාව ගිලිහෙමින් පැවතීම ඉතා කණගාටුදායක බවයි.

යහපාලනය නමින් පසුගිය වසර කිහිපයේදී තමන් විසින් ගෙන ගිය වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් වී ඇති බවට ඔප්පු වෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දී තිබේ.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහිකළා යැයි ජනතාව හමුවේ කියා සිටියද, එයද රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා අසත්‍යයක් බව ඔප්පු වෙමින් පවතින බවද එහිදී ප්‍රකාශ වී ඇත.

ඔහෙයින් පවතින තත්ත්වය හමුවේ හදිසි මැතිවරණයකට නොයන්නේ නම් තමන්ට යම් වාසි සහගත තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකියාවක් පවතින බවද අදාළ ප්‍රබලයින් පෙන්වා දී තිබේ.

පවතින තත්ත්වය හමුවේ පාක්ෂිකයන් මෙන්ම පක්ෂ සංවිධායකවරුද දැඩි සිත්තැවුලට පත්වී ඇති බවත් එහෙයින් ඊට ලබාදිය හැකි හොඳම පිළිතුර වන්නේ තමන් බුද්ධිමත්ව පසුබැසීම පමණක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවද දැනගන්නට ලැබේ.

අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එම ඉල්ලීම වන්නේ රන්ජන් රාමානායක විසින් පටිගත කර ඇති හඬපට මාධ්‍යයට ලබා නොදෙන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More