රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය තුළින් රටේ වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි පළුදුවී ඇති ජනතා විශ්වාසය යළි ඇති කරවිය හැකි ආකාරයේ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
අද (08) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හඬ පට තුලින් සිදු වී ඇත්තේ ජනතාව බියට පත් වීමක් සහ වගකිව යුතු රටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි විශ්වාසය පළුදු වීමක් බවයි.
මෙම තත්ත්වය රටටකට සරල කාරණයක් නොවන බවත් එය මැඩපැවැත්වීම සඳහා සමාජ ශෝධනයක් සිදු කළ යුතු බවත් වීරකුමාර දිසානායක මහතා පැවසීය.
අධිකරණ පද්ධතිය සහ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව පිළිබඳ ඇති විශ්වාසය සහමුලින්ම කඩා දමා ඇති බවත් එව සාපරිදි ක්‍රියාවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
අදාල හඬපටවල ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකාලයේ පින්තුරය බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රංජන්ගේ හඬ පටවල විහිළුවයි..පිස්සුවයි..භයානක කමයි තුනම එකතුවෙලා තියෙන්නේ …
රංජන්ගේ හඬ පටවල විහිළුවයි..පිස්සුවයි..භයානක කමයි තුනම එකතුවෙලා තියෙන්නේ – මේක තමයි පහුගිය ආණ්ඩුවේ පින්තූරය
Gepostet von Lanka Lead News am Mittwoch, 8. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...