සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයඳුම්පතක් ගොනු කර තිබේ.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය නීතියට පටහැනිව නිකුත් කර ඇති බවට කරුණු දක්වමින්.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැරියේය.
එලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අද (08) ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළ බවත් , රාජිත සේනාරත්න මහතාගේ ඇප අවලංගු කරන ලෙස අතුරු ආඥාවක් ඉල්ලූ බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේය.
එමෙන්ම ප්‍රතිශෝධන ඇප අයදුම්පත විභාග කර අවසන් වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවේ රඳවා තබන ලෙසද ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...