දේශීය පුවත්

දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිවරයා අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය විවෘත කරමින් සහ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරමින් ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් තින්දු තීරණ රැසකට පසුගිය දින 50 තුළ එළැඹ තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට සහ ලෝක ඉල්ලුමට ගැළපෙන ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර පාසල් මට්ටමේ සිටම ඒවා සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

එහි ප්‍රථම අදියර වන්නේ,

පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම.

උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.

ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවිමට නියමිතය.

ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More