මුහුණු පොතෙන්

1. ලිංගිකත්වය යනු ලෝකයේ ඇති පළවෙනි පුදුමය, ලොකුම මැජික් එක සහ විශ්වයේ මධ්‍ය ලක්ෂය යැයි සිතා සිටීම.

2. ඒ මැජික් එක ගැන තමන් තරම් දන්නා, තමන් තරම් විවෘතව කතා කරන කිසිවෙක් මේ තුන් ලෝකයේ කොතනවත් නැතැයි සිතීම.

3. ලංකාව නම් පසුගාමී දූපතින් එපිට ලිංගික නිදහස උතුරන සුපිරි ලෝකයක් ඇති බවත්, සංස්කෘතික සීමා නැති ඒ විසල් ලෝකය පිළිබඳ තමන් සියලු දේ දන්නා බවත් සිතා සිටීම.

4. එසේ වුවද අනුර කුමාරගේ ඕනෑම පල් බොරුවකට ඉතා පහසුවෙන් රැවටෙන තරමට ලංකාව ගැන පවා සාමාන්‍ය දැනීම අතිශය පහළ මට්ටමක පැවතීම.

5. මංගල, සාගල, අකිල, රනිල් වැනි අය ජාතික වීරයන් ලෙස සැලකීම.

6. ප්‍රසිද්ධියේ කුණුහරප කීම වීරකමක් ලෙස සැලකීම සහ කොතරම් කියන්නට ගියද භාෂාවේ එකිනෙකට වෙනස් කුණුහරප දහයක්වත් නැති බව නොදැන සිටීම.

7. දකුණේ සිංහල පිරිමින්ට ප්‍රභාකරන් සමග ඇති තරහට හේතුව ලිංගික ඊර්ෂ්‍යාව යැයි සිතීම.

8. සිංහලයන් මුස්ලිම් ජාතිවාදයට එරෙහි වන්නේ තමන්ට ගෑනු හතරක් ගන්නට බැරි නිසා යැයි සිතීම.

9. නෙළුම් කුළුණ පුරුෂ ලිංගයක් සේ පෙනීම සහ එවැනි අදහස් ඇතුළත් රැඩිකල් කවි කතා ගොතා තමන්ම විචාරය කරගැනීම.

10. කුඩා දරුවන් තමන්ගේ අම්මා සමග ලිංගිකව හැසිරීමට කැමති බව හගවන චිත්‍රපට හදමින් තමන්ගේ ගෙදර ප්‍රශ්න ජාතික උරුමයක් බවට පත්කිරීමට උත්සාහ කිරීම.

11. තමන්ගේ කාම තෘෂ්ණාව නිසා අංගවිකල වූ තමන්ගේම දරුවන් අනාතව සිටියදී ලිංගික නිදහස ගැන ආදරය ගැන රට ඉදිරියේ පම්පෝරි දෙසන හූඇන්පී ටියුෂන් ගුරුවරුන් මාර සාහිත්‍යකරුවන් යැයි සිතා සිටීම.

12. තමන්ගේ ලිංගික වලිප්පුව ගැන විවේචනය එල්ල වන විට සීගිරියේද නිරුවත් රූප ඇති බව පැවසීම.

13. ලිංගික නිදහස ගැන පමණක් පාරම් බාන අතරේ එහි අහිතකර ප්‍රතිඵල වන අනිසි ගැබ් ගැනීම්, ගබ්සා, පවුල් කඩාකප්පල් වීම, දරුවන් අනාථ වීම, සමාජ රෝග ආදිය ගැන කිසිවක් නොදැන සිටීම.

14. මිනිසුන්ගේ යහගුණයන් වෙනුවට වනචාරී තිරිසන් ලක්ෂණ උලුප්පමින් උඩ දැමීම සාහිත්‍යයේ කලාවේ යුග මෙහෙවර බව විශ්වාස කිරීම.

15. තීන්ත බාල්දියට වැටුණු නරියා මෙන් තමන්ගේ ජීවිතවල ඇති හිස්තැන්, ඇරියස්, පවුකාරකම් සමස්ත සමාජයේම අඩුපාඩු ලෙස දැකීමට ඇති ආශාව.

16. ලිංගික නිදහස උපරිමයෙන් ඇතැයි කියන ඇමරිකාව ලෝකයේ ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම වාර්තා වන රටක් බව නොදැන සිටීම.

17. දේශපාලන වශයෙන් හද්දා චොර යූඇන්පී කාරයන් වුවද, ඒ බව එළිපිට නොකියා රැඩිකල්, විදග්ධ, මාක්ස්වාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී වෙස් මුහුණු පැළඳ සිටීම.

18. ඡන්දය භාවිතා කිරීමේදී බොහෝ විට යූඇන්පීය හෝ එහි තනුක වර්සන් වන ජවිපෙ හෝ පෙරටුගාමී වැනි පක්ෂයක් තෝරාගැනීම.

(මෙය හතේ පොතේ හොඳ නරක ගැන විග්‍රහයක් නොව එහි එල්ලී දිව්‍ය ලෝකයේ යන්නට වලිකන විකල්ප ඇබිටිල්ලන්ගේ පොදු ලක්ෂණ ගැන විග්‍රහයක් පමණක් බව සලකන්න.)

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More