කිළිනොච්චිය මුහමාලේ ප්‍රදේශයෙන් දරුණු ලෙස බිම් බෝම්බ වළලා ඇති ප්‍රදේශයක් හමු වී ඇති බැවින් ජනතාවට මුහමාලේ පළාතේ කැලයට යෑම හා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසට බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම් අනතුරු අඟවා තිබේ’
උතුරේ බිම්බෝම්බ ඉවත් කරන දේශීය හා විදේශීය සංවිධාන කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල අවසන් අදියරයට පැමිණ සිටියි.
යුද සමයේදී විශාල වශයෙන් ගැටුම් පැවතීම හා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අවසන් මුරපළ මුහමාලේ ප්‍රදේශයේ පිහිටා තිබීම නිසා උතුරේ වැඩිම බිම්බෝම්බ සංඛ්‍යාවක් වළලා ඇත්තේ මුහමාලේ ප්‍රදේශය බවට බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම් විසින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව එසේ වළලන ලද ඉතාම දරුනු ගණයේ බිම්බෝම්බ විශාල ප්‍රමාණයක් මුහමාලේ පළාතෙන් හමුව ඇති නිසා එම ප්‍රදේශ සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක් කිරීමට බිම්බෝම්බ ඉවත් කරන සංවිධාන පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...