දේශීය පුවත්

​ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග රටේ විවිධ කොටස් ස්වේ ච්ඡාවෙන් විවිධ ක්‍රියාවන්වල නිරත වන්නට වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලැබුවේ නගර අලංකරණයයි.

නගර පිරිසුදු කර අලංකාර කිරීමේ වැඩසටහන යටතේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණ තරුණියෝ දියසෙවල බැඳී තිබූ තාප්ප චිත්‍රවලින් සරසන්න වූහ.

මේ අතර රාජ්‍ය ආයතනවල පිහිටි ආරක්ෂක බැමිවලද ඒ ආකාරයෙන් චිත්‍ර ඇඳීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියෝ රැසකි. එසේ රටටම බලය ලබාදෙන ආයතනයක ආරක්ෂක බැම්මකද ප්‍රදේශයේ තරුණ තරුණියන් ආකර්ෂණීය ලෙස චිත්‍ර ඇඳීමට පටන් ගත්තේ මීට මාසයකට ප්‍රථමය. හෙළුව නොපෙනන සේ පන්දම අතින් ගෙන දුවන ආකාරයට බිත්තියේ චිත්‍ර ඇඳීමට වෙහෙසක් දරන මෙම තරුණ තරුණියන්ගේ චිත්‍ර අධීක්ෂණය කිරීම සඳහා අදාළ ආයතනයේ සුපරීක්ෂකවරුන් හයදෙනකු (06) දිනපතා යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා ඔවුන්ට අතිකාල දීමනාද ගෙවනු ලබන අතර පසුගිය මාසයේ ඔවුන්ගේ මාසික අතිකාල සේවය පැය 50ක් විය.

එමෙන්ම චිත්‍ර අධීක්ෂණය කිරීම සඳහා යොදවා ඇති සුපරීක්ෂවරයකුගේ මේ වන විට අතිකාල පැය 350ට ආසන්න වී ඇති බව වාර්තා වේ. මෙම ආයතනයේ සාමාන්‍යයෙන් කම්කරුවකුගේ අතිකාල පැයකට රුපියල් 400කට අධික මුදලක් ගෙවන අතර සුපරීක්ෂකවරයකුගේ අතිකාල පැයකට ඊට වඩා වැඩි මුදලක් ගෙවනු ලැබේ.

ස්වේච්ඡාවෙන් සිය කාලය, ශ්‍රමය වැය කර චිත්‍ර අඳින තරුණ තරුණියන්ගේ චිත්‍ර අධීක්ෂණය කිරීමට මෙලෙස සුපරීක්ෂකවරු පත් කිරීම කොතරම් ලජ්ජාසහගත දැයි එම ආයතනයේ සෙසු සේවකයෝ විමසති.

– Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More