නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර තවත් මත ගැටුමක් ඇති කරමින් එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (9 වැනිදා) නිමාවට පත්ව ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමන්විත නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා වී ඇත. ඊට සජිත් පාර්ශ්වය විරෝධය පළකරමින් ප්‍රකාශ කර ඇත්තේ නායකත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවයි.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතරමග මත ගැටුමක්ද සිදුවී තිබේ. නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවූ අතර ලබන බ්‍රහස්පතින්දා මන්ත්‍රී කණ්ඩායම යළි රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...