පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සලකා බලන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
මහනුවර පැවති උත්සවයකින් අනතුරුව දි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ සුළු ජාතිවාදී දේශපාලන පක්ෂවලින් රජුන් තැනූ බවයි.
නොවැම්බර් 16 වන දින පැවති මැතිවරණයෙන් පසුව සුළු ජාතිවාදී දේශපාලන පක්ෂ, බෙදුම්වාදී දේශපාලන පක්ෂ හා මූලධර්මවාදී දේශපාලන පක්ෂ මේ රටේ ආණ්ඩු නැටවීමේ තත්ත්වය වෙනස් වු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඔවුන්ට අද වන විට ඒ සඳහා බලයක් නොමැති බවත් පැවසු ඒ මහතා, ඔවුන්ට “රජුන් තැනීමේ බලයක් නෑ “ යනුවෙන් ද කියා සිටියේය.
විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වු ස්ථාවරය රටට ප්‍රකාශ කරන බවත් පැවසීය.
සෑම විටම තම පක්ෂය වඩාත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් රටේ සමඟිය අත්‍යාවශ්‍යයි යන පදනම මත කටයුතු කරන බවත් සියලු ජාතීන්ගෙන් යුතු පාර්ලිමේන්තුවක් බිහි විය යුතුයි යන අරමුණ මත කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මූලධර්මවාදී දේශපාලන පක්ෂවලට දැන් රජුන් තැනිමේ බලයක් නෑ.
මූලධර්මවාදී දේශපාලන පක්ෂවලට දැන් රජුන් තැනිමේ බලයක් නෑ. Fundamentalist political parties have no power to make kingsஅடிப்படைவாத அரசியல் கட்சிகளுக்கு மன்னர்களை உருவாக்க அதிகாரம் இல்லைVideo Courtesy: Ada Derana Sinhala#JayanthaSamawaraweera #MPJayantha #JayaMediaUnit
Gepostet von Jayantha Samaraweera am Donnerstag, 9. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...