රුසියාවේ නිෂ්පාදිත එස්-400 මිසයිල් ආරක්ෂණ පද්ධතිය ඉන්දීය රාජ්‍යයද මිළදී ගැනීමට තීරණය කර ඇතිබව වාර්තාවේ.මේ අතර ඉරාකයේ ක්‍රියාත්මක වූ ISIS ත්‍රස්ත කල්ලි පලවා හැරීමට සාර්ථක යුද මෙහෙයුම් දියත් කළ ඉරාන රාජ්‍යයේ උදව් උපකාර කළ මහජන බලමුලු ගැන්වීමේ බලකායේ නායකත්වය ඉලක්ක කරගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරාක ආන්ඩුවද රුසියාවේ නිෂ්පාදිත එස්-300 මිසයිල් ආරක්ෂණ පද්ධතිය මිළදී ගැනීමට කටයුතු කරන බව ඉරාක රජය පවසා සිටී.
ඉන්දියාව රුසියාවේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂන පද්ධතිය මිළදී ගැනීමට තීරණය කිරීමත් සමඟම අමෙරිකාව ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බව පවසා සිටී.
රුසියාවේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂණ පද්ධතිය මෙතෙක් ලොව නිෂ්පාදනය කර ඇති මේ වර්ගයේ ඇති හොඳම ගුවන් ආරක්ෂන පද්ධතිය වන අතර අමෙරිකාව තර්ක කරනු ලබන්නේ නේටෝවේ ආරක්ෂක යටිතල පහසුකම් සමඟ සසඳන විට මෙම පද්ධතිය අපේක්ෂිත ආරක්ෂක අරමුනු ඉෂ්ට නොකරන බවත් අමෙරිකාව නිෂ්පාදනය කළ පස්වන පරම්පාරාවේ එෆ් 35 ප්‍රහාරක යාත්‍රාවලට මුහුණ දීමට නොහැකි බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
රුසියාවේ නිෂ්පාදිත එස්-300 මිසයිල් ආරක්ෂණ පද්ධතිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...