දේශීය පුවත්

ගඩොල් කපා දියණියට උගන්වන පියෙකු පිළිබඳව පසුගියදා කරුණු අනාවරණය විය.

මෙම මුස්ලිම් ජාතික ෆාතිමා මුසාදිකා දියණිය මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර ඇය ඉහළින්ම විභාගය සමත් වූයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමිනි.

හෙට ලොව ජයගන්නට වෙර දරනා ඇය, තවමත් ජීවත් වන්නේ පොලිතීන් වලින් ආවරණය වූ නිවසකය.

මෙම කරුණු සැල වූ පසුව ඇයට උපකාර කිරීමට මූතුර් රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර ඉන්ද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගෙන තිබෙන අතර ඇය සරසවි අධ්‍යාපනය ලබා නිම වන තුරුම ඇගේ වියදම් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමට උන්වහන්සේ කටයුතු කර ඇත.

ජන්දය වෙනුවෙන් පමණක් ආගම ජාතිය විකුණාගෙන කන ඇතැම් මුස්ලිම් දේශපාලකයින්ට ද මෙය කදිම පාඩමක් වනු ඇති අතර සැබෑ ආගමික සහජීවනය ද මෙය වන බවට සමාජ ජාලා ඔස්සේ බොහෝ පිරිස් මත පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More