ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා මෙනවිය කරන ලද පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයෙන් අල්ලන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබේ.
ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන ධීවර කලාප ආශ්රයෙන් හුරුල්ලා, සාලයා සහ හාල්මැස්සා යන මාළු විශේෂ යොදා ගනිමින් එම පර්යේෂණය සිදු කොට ඇති අතර එම මාළුන්ගේ බඩවැල තුළ කුඩා ප්ලාස්ටික් කොටස් 0-23 අතර සංඛ්‍යාවක් අඩංගුව පවතින බව එහිදී නිරීක්ෂණය වී ඇති බව වාර්තාවේ.
ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක වන විනුරි සිල්වා මෙනවිය වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දියණියයි.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකට අදාළව විනුරි සිල්වා මෙනෙවිය විසින් එම පර්යේෂණය සිදු කර තිබේ.
ඇයගේ සුපරීක්ෂක ලෙස කටයුතු කළ මහාචාර්ය බ්‍රවුන් ගිලන්ඩේ මහත්මිය විසින් එම පර්යේෂණය අනුමත කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...