2015 වර්ෂයේ පැවති රජය වෙනස් වීමෙන් පසු බලයට පත්වූ නව රජය හේතුවෙන් දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගය මත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාවක් පත් කර තිබේ.
ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කොමිසන් සභාව ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නම් කරනු ලැබ තිබේ.
2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම ජනාධිපති කොමිසමට බලය පැවරී ඇත.
එමෙන්ම මෙම විමර්ශනයේ වාර්තාවන් මාස 06ක් ඇතුලත ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...