මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට පැමිණිමටත්, සිය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවසර දෙන ලෙස ඊයේ උපදෙස් ලබා දුනිමි.
ඒ අනුව ජනාධිපති අතිරේක ලේකම්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් හමුව, ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් මත ඔවුන්ගේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු සළසන ලදී. මීට අමතරව පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ.
සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...