මුහුණු පොතෙන්

යල මහ දෙකන්න කුඹුරු ගොවිතැන් කළ අපේ මුතුන්මිත්තන් වී වගාවෙ අස්වනු නෙළනතුරු කුඹුරේ නියර යොදාගෙන අස්වනු නෙළාගැනීම, නියර වගාව හැටියටයි හැදින්වුවෙ. මේ සදහා කුඹුරේ සෑම නියරක්ම යොදාගන්නෙ නෑ . තරමක් පළල් නියරවල් විශේෂයෙන් මායිම් සටහන් වන “ඉන් නියරවල්” යොදාගත්තා. මෑ, කව්පි, මුං ඇට, බණ්ඩක්කා වගාවන් අතර බඩඉරිඟු වගාවත් කළා . කුඹුරු වැපිරීමෙන් පසු නියර වගාව සිදුකරන හෙයින් අමුතුවෙන් රැකුම් බැලුම් කළයුතු වුණේ නෑ .

දිනපතා වෙලට යමින් එමින් ගමන් නියර වගා ගැනත් හොයා බැලුවා . පලිබෝධ අනතුරු අවම සොබාදහමේ අපූරු ගොවිතැනක් වෙච්ච නියර වගාව සහමුලින්ම වසවිස ආදියෙන් තොරයි. ඒ වගේම ගෙදර දොර කෑමටත් යොදාගත්තෙ බෝ නොවන රෝගවලින් තොරවයි.

වැඩිපුර ඩිංගක් මහන්සි වෙලා නියර ගොවිතැන් කළොත් අතමිටත් යහමින් සරු වෙනවා . අපේ කොල්ලො පුරන් කුඹුරු වපුරන්ට වෑයම් කරන මේ සන්දියේ අපේ මුතුන්මිත්තන්ගේ නියර වගාව ට හුරුවුණොත් අතිරේක මුදලකුත්, වසවිසෙන් තොර සොබාදහමේ ගොවි උරුමයටත් හිමිකම් කියන්න වාසනාව උදාවෙනවා ……

Mahinda Kumara Dalupotha



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More