දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුවී තිබෙන්නේ කාඩ් කූට්ටමවත් හරි හැටි අනාගැනීමට නොහැකිව එකත් අනාගෙන තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අමාත්‍යමණ්ඩල සංශෝධනය පිලිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාප්‍රකාශ කළේ කාඩ් කූට්ටමවත් හරි හැටි අනාගැනීමට නොහැකිවීමෙන් ආණ්ඩුව මේ වන විට බංකොලොත්වී තිබෙන තත්ත්වය ඉතා හොඳින් පැහැදිලිවන බවයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කොමඩියක් යනුවෙන් ආණ්ඩුවේම අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් ආණ්ඩුවේම අමාත්‍යවරුන්ට මෙය කොමඩියක් නම් රටේ පොදු මහජනතාවට එය කුමන ආකාරයෙන් දැනෙනවාද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

මේ අවස්ථාවේදී රටේ පොදු මහජනතාවට මුහුණදීමට සිදුවී තිබෙන බරපතල ප්‍රශ්න ගණනාවකට මෙන්ම රට මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්න ගණනාවකට මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් කිසිදු විසඳුමක් නොලැබෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට තවත් කිසිදු ජන බලයක් නොමැතිබව රටේ පොදු මහජනතාව පෙන්වා දී තිබෙන නිසා දැන් කළ යුත්තේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

රටේ ජන මතයක් නොමැති ආණ්ඩුවකට ඉදිරි ගමනක් නොමැති බවත් ආයෝජන කඩාවැටීමෙන් රට තවත් දරුණු ආර්ථික අර්බුදවලට මුහුණපාන බවත් මෙම ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වූවොත් රට තව තවත් අරාජික තත්ත්වයකට ගමන්කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More