විදේශ පුවත්

ඉරාක රජයේ අමෙරිකාවෙන් ඉල්ලූ පරිදි ඉරාකයේ රඳවා සිටින අමෙරිකානු හමුදා ආපසු කැඳවීමට අමෙරිකාව සූදානම් නැති බවත් ඉරාක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් පවසා සිටී. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන මෝර්ගන් ඕර්ටගුස් මහතා පවසා සිටී.

“අමෙරිකාව සාකච්ඡා කිරීමට සූදානම්. නමුත් හුදු ආරක්ෂාව  සම්බන්ධයෙන් පමණක් නොවෙයි වානිජ්‍ය, ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව සාකච්ඡාව කළ යුතුයි.” යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

ඉරාක පාරිලිමේන්තුව පසුගිය සතියේදී යෝජනාවක් සම්මත කරගනිමින් පවසා සිටියේ ඉරාක භූමිය තුළ රැඳීසිටින සියලු විදේශ හමුදා ඉරාකයෙන් පිටවිය යුතු බවත් අමෙරිකාව ප්‍රමුඛ සංධාන හමුදාවෙන් ඉල්ලා සිටි ආරක්ෂක සහයෝගය  ආපසු කැඳවන ලෙසත්ය.

2014 වර්ෂයේදී ඉරාක ආන්ඩුව ISIS ත්‍රස්තයන්ට එරෙහිව සටන්කිරීමට අමෙරිකාව ප්‍රමුඛ සංධාන පාර්ශවයෙන් උපකාර ඉල්ලා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදවන විට ඉරාකය පුරා පිහිටි යුද හමුදා කඳවුරු වල අමෙරිකානු සෙබලු 5200ක් රඳවා සිටින බව පැවසේ.

මේ අතර අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තවදුරටත් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගත නොහැකිවන ලෙස පනතක් සම්මත කරගෙන ඇත්තේ යෝජනාවට පක්ෂව ඡන්ද 224ක් ලබාගැනීමෙනි. මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 194ක් ලැබී තිබුනි. කෙසේ වුවද කොන්ග්‍රස් මණ්ඩලයේ සම්මතවූ යෝජනාව සෙනට් මණඩලයේදී සම්මත වීමට ඉඩකඩ අවම වී ඇත්තේ සෙනට් මණ්ඩලය තුළ බහුතරය හිමිව ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට වීම නිසයි. රිපබ්ලිකන් මන්ත්‍රීවරු සියලු දෙනාම කොන්ග්‍රස් මණ්ඩලයේදී යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ.

මේ අතර “ඩේලි සභා” මැදපෙරදිග සිට ක්‍රියාත්මක පුවත් වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කර සිටියේ සිරියාවේ ස්ථානගතවී සිටින අමෙරිකානු හමුදා මේවන විට නැගෙනහිර සිරියාවෙන් පමණක් රත්‍රං මෙට්‍රික් ටොන් 50ක් කොල්ලකාගෙන අමෙරිකාවට පටවා යවා ඇතිබවයි. මෙලෙසම ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් පමණක් රත්‍රං මෙට්‍රික් ටොන් 40ක් කොල්ලකාගෙන අමෙරිකාවට පටවා ඇති බවටද ඔවුහු චෝදනා කරති.

 

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More