දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේද යන්න පිළිබඳව කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව බවද පැවසේ.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා එම වකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙකුගේ නමක් කියා තොරතුරු විමසූ අතර ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2 කට පසු තොරතුරු විමසන ලෙසත් දැනුම් දුන් බවයි.

truenews



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More