දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පටය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී වී ඇතැයි වාර්තා වේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන් සමග කළ දුරකතන සංවාද ඇතුළත් හඬ ගණනාවක්ම සමාජ මාධ්‍ය ජාලා වල පළවීමත් සමග අධිකරණය දේශපාලන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන දැඩි ආන්දෝලනය සැලකිල්ලට ගනිමින් මෙම කොමිෂන් සභාව පත් කරනු ඇති බව එම ආරංචිමාර්ග වලින් පැවසේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත එම කොමිෂන් සභාව පත් කිරීමට ඉඩ ඇති බවද දැන්ගන්නට ඇත. රන්ජන් රාමනායක මහතාගේ හඬ පට ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමඟ කළ බව කියන දුරකථන සංවාදය ඇතුලත් හඬපට 1,21,000 ක් පමණ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාදය ඇතුලත් හඬ පට 20ක් පමණ ඉකුත් බ්‍රහස්පතින්දා (9) වන විට සමාජ මාධ්‍ය වල පළ වී තිබූ අතර විනිසුරුවරුන් දෙදෙනෙකු හා විශ්‍රාමික විනිසුරුවරියක සමග කළ සංවාද ද ඊට ඇතුළත්ව තිබිණි. මේ අතර විවිධ දේශපාලඥයන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කළ සංවාද ඇතුළත් හඬ කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාලාවල පළවී තිබිණි.

මෙම සංවාද හරහා අධිකරණ ක්ෂේත්‍රය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා දේශපාලන ක්ෂේත්‍රය ටත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කැළඹීමක් ඇතිවී තිබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් ම ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

සබඳි පුවත්

රන්ජන්ගේ ප්‍රහාරය එල්ල වන්නේ සමස්ථ රාජ්‍ය පද්ධතියට.. වහාම ජනාධිපති කොමිසමක් පත් කිරීම ජනපතිගේ පරම වගකීමක් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More