යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් වු බවට මත පළවී තිබුණි එම ආණ්ඩුව බලයෙන් පහවී ඇති මොහොතක එම ප‍්‍රජාව කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න අපවිමසා සිටියේ ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ගෙනි. ඒ මහතා එම කාරණය පිළිබඳව දැක්වූ අදහස් පහත පරිදි වේ.
ප‍්‍රශ්නය – ජාත්‍යන්තර ප‍්‍රජාව යන සාධකයෙන් බැහැර වෙලා අපේ රටට කටයුතු කළ නොහැකිද?
පිළිතුර – ඔය ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීමේදී ජාත්‍යන්තරය යනු කුමක්ද? යන්න පිළිබඳව පැහැදිලි කරගත යුතුයි. බොහෝ දෙනකු අදහස් දැක්වීමේදී ජාත්‍යන්තරය යන වචනය භාවිතා කරනවා. හිටපු ජනාධිපතිතුමා නිතර කළ ප‍්‍රකාශයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තරය තරහ කරගත්තා අපි යථා කරගත්තා කියන එක. ඒ වෙගේම එක්සත් ජාතික පක්ෂයත්, සිවිල් සංවිධානත් නිතරම ජාත්‍යන්තරය පිළිබඳ කතා කරනවා. නමුත් ඒ කිසිවෙකු ප‍්‍රකාශ කරන්නේ නෑ මොකක්ද මේ ජාත්‍යන්තරය කියන එක.
මගේ දැනීම වගේම ප‍්‍රායෝගිකව සාධක සහිතව ඔප්පු කළ හැකි කාරණය තමයි ජාත්‍යන්තරය නැති නම් අන්තර්ජාතික ප‍්‍රජාව යන සුජාත නාමයෙන් පෙනී සිටින්නේ ලෝකය පාලනය කරන ධනවත් සහ බලවත් රටවල් අතළොස්සක් කියන එක. එම රටවල් අතළොස්ස ආරෝපණය වීමට උත්සාහ දරනවා, මනුෂ්‍ය
ප‍්‍රජාවගේම හඬ බවට. ඒ අනුව පැහැදිලි වනවා ජාත්‍යන්තර ප‍්‍රජාව එසේත් නොමැති නම් අන්තර්ජාතික ප‍්‍රජාව යන වචනවලින් සම්පූර්ණයෙන්ම ජනතාව මුළා කිරීමක් කරනවා.
ජාත්‍යන්තර ප‍්‍රජාව ලෙස පෙනී සිටීමට උත්සාහ දරන එම රටවල් මොනවාද? ඇමරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෝර්වේ යන රටවල් ඊට අයත් වනවා. එම රටවල් අතරට නේපාලය, භූතානය, නයිජීරියාව වැනි රටවල් අයත් වන්නේ නැහැ.
ජාත්‍යන්තරය ලෙස පෙනී සිටින ලෝකයේ අධිපති රටවල් අතළොස්ස, එම තත්ත්වයට පත් වූයේ
තමන්ගේ ශක්තියෙන්, හැකියාවෙන්, තාක්ෂණයෙන් පමණක් නොවෙයි. ඔවුන් ලෝකයේ සෙසු රටවල් ඉතාම නිර්දය ලෙස කොල්ලකාලා, සූරාකාලා තිබෙනවා. ඔවුන් එම ධනවත්කම අත්පත් කරගෙන තිබෙන්නේ ඒ ආකාරයට බව පෙන්වාදීම සඳහා ඕනෑ තරම් උදාහරණ තිබෙනවා.
ඒ සඳහා එක් සාක්ෂියක් පමණක් සඳහන් කරන්නම්. ඉංගී‍්‍රසීන් ඉන්දියාවට එන විට ඉන්දියාව ලෝක ආර්ථිකයට කළ දායකත්වය, ලෝකයේ එදා තිබූ ආර්ථික නිමැවුමෙන් 23% යි. නමුත් ඉංගී‍්‍රසීන් ඉන්දියාවෙන් යන විට එම දායකත්වය 3% ටත් වඩා අඩු වූවා. එම තත්ත්වය ඉබේ ඇති වුණ එකත් නොවෙයි. ඉංගී‍්‍රසීන් සිතා මතාම ඉන්දියාවේ තිබුණ ආර්ථිකය විනාශ කළා. ඒ විධියට එම රටවල ආර්ථික අතිරික්තය සොරා ගැනීමෙන්, පැහැර ගැනීමෙන්, එම රටවල් ධනවත් භාවයට පත් වී තිබෙනවා.
මුල් අවධියේදී රටවල් කොල්ලකෑම සඳහා සෘජුවම යටත් කර ගත්තා. අපේ රටත් ඔවුන් යටත් කර ගන්තා. නමුත් විවිධ හේතුන් නිසා යටත් විජිත සහිත එම ලෝක පරිපාටිය දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග බිඳ වැටුණා.
ඉන්පසුව යටත් විජිත වශයෙන් පැවති රටවල් යම් ප‍්‍රමාණයකට දේශපාලන නිදහස අත්කර ගන්නවා. එම රටවල්වලින් බහුතරයක් තමන්ගේ අභිමත ස්වාධීන සංවර්ධන මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ දරනවා. නමුත් පැරණි යටත් විජිතවාදී රටවල් අතරට 20 වන සියවසේ මුලදී එක්වූ ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කරනවා, කලින් තමන් යටතේ පැවති රටවල් යළිත් තමන්ගේ ග‍්‍රහණයට ගැනීම සඳහා. 20 වන සියවස ආරම්භ වනවිට ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය බවට පත් වෙනවා. ඒ සමගම ඒ වනවිට බි‍්‍රතාන්‍ය සතුව පැවති ලෝකයේ ධනවත් කඳවුරේ නායකත්වය ඇමරිකාව අතට පත් වෙනවා. එලෙස ලෝකයේ ධනවත් කඳවුරේ නායකත්වයට පත් වන ඇමරිකාව, පැරණි යටත් විජිත ස්වාමිවරුන් සමග එක්වී තමන්ගේ නායකත්වයෙන් සැලසුම් කරනවා, මුළු ලෝකයම වෙනස් ක‍්‍රමයක් යටතේ තමන්ගේ ග‍්‍රහණයේ තබා ගැනීම සඳහා.
ඒ ආකාරයට ඔවුන් කටයුතු කරන්නේ ඇයි? ඒ ඔවුන් සතු ආර්ථික බලය, එම රටවල පාලක පන්තීන්ගේ සුඛ විහරණය තවදුරටත් පවත්වා ගැනීමට සහ වර්ධනය කර ගැනීම සඳහායි.
එම පිරිස තමයි ජාත්‍යන්තරය යනුවෙන් පෙනී සිටින්නේ. එම පිරිසගේ මෙම වංචනික හැඳින්වීම අපේ රටවල බොහෝ දේශපාලනඥයන් වාද කිරීමකින් තොරව පිළිගන්නවා. ආචාර්යවරු, මහාචාර්යවරු, මාධ්‍යවේදීන් වැනි අය අතරත් එම හැඳින්වීම පිළිගන්නා අය සිටිනවා. ඒ කිසිවෙකු මේ තුළ පවත්නා නිරුවත් භාවය දකින්න කැමැති නෑ.
ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව සෑම විටම උත්සාහ දරනවා කිසිදු රටකට තමන්ට අභියෝගයක් වන ස්වාධීන කි‍්‍රයාමාර්ගයක් ගැනීම වැළැක්වීම සඳහා. ඒ සඳහා මම එක් උදාහරණයක් සඳහන් කරන්නම්. මේ වගේ උදාහරණ තව සිය ගණනක් තිබෙනවා.
1952 දී ඉරානයේ අගමැති ධුරයට පත්වූවා මොහොමඞ් මොසැඩෙක්. ඔහු අගමැති ධුරයට පත්වීමෙන් පසුව එරට තෙල් කර්මාන්තය ජනසතු කරනවා. ඔහුගේ දර්ශනය වූයේ තමන්ගේ රටේ තෙල් සම්පත තම රටේ යහපත සඳහා භාවිතා කිරීම. ඒ වනවිට ඉරාන තෙල් කර්මාන්තය අයත් වූයේ බි‍්‍රටිෂ් – පර්සියන් ඔයිල් කම්පැනි නමැති සමාගමට. තෙල් සම්පත ජනසතු කිරීමෙන් පසුව බි‍්‍රතාන්‍ය, ඇමරිකාව එක කඳවුරකට එනවා, ඉරානයට එරෙහිව සම්බාධක පනවන්න. එපමණක් නොවෙයි ඉන් අනතුරුව 1953 වර්ෂයේදී ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය සැලසුම් කළ කුමන්ත‍්‍රණයක් මගින් මොසැඩෙක් බලයෙන් පහ කරනවා.
ඉන් අනතුරුව ඔවුන් ඉරානයේ පාලකයා බවට මොහොමඞ් ෂා රිෂා පාලවී නම් රජු පත්කරනවා. ඔහු 1979 වන තුරු ඉරානය පාලනය කරනවා. ඒ දක්වා එරට තෙල් සම්පත ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු රටවල්වලට අවශ්‍ය ආකාරයට පාලනය කරනවා. ඒක තමයි ජාත්‍යන්තර ප‍්‍රජාව ලෙස පෙනී සිටින රටවල්වල පිළිවෙත. එම රටවල් කිසිදු රටකට ස්වාධීනව තමන්ට අභිමත ආර්ථික සංවර්ධන අකෘතියක් සොයාගෙන පවතින්න ඉඩ දෙන්නෙ නෑ. එම කටයුත්තෙදී තමන්ට සහයෝගය දෙන පිරිසක් මේ රටවල් තුළිනුත් බිහිකර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ කියන්නේ අධිරාජ්‍යවාදය සමග සන්ධාන ගතවී සැප විඳින පිරිසක් මේ රටවල්වලත් සිටිනවා. අධිරාජ්‍යවාදී රටවල් එම පිරිස්වල සහයෝගය ලබාගෙන අප වැනි රටවල අවුල් ඇති කරනවා. රටවල්වල අස්ථාවර භාවය ඇති කරනවා. රටවල් අභ්‍යන්තර වශයෙන් දුර්වල තත්ත්වයකට පත් කරනවා. තමන්ගේ සංස්කෘතිය එම රටවල්වල පැලපදියම් කරනවා. ඒ විදියට තමයි ඔවුන් වෙනත් රටවල් තමන්ගේ ග‍්‍රහණයේ තබා ගන්නේ.
ධනවත් බලවත් රටවල් සෙසු රටවල් තමන්ගේ ග‍්‍රහණයේ තබා ගැනීම සඳහා මෙවලම් රාශියක් භාවිතා කරනවා. එම මෙවලම් අතරට වැටෙනවා ඔවුන්ගේ ආර්ථික සංවර්ධන මාදිලිය, මිලිටරි බලය, සංස්කෘතිය ආදිය. ඒ අතරට වැටෙන තවත් මෙවලමක් තමයි අප වැනි රටවල අභ්‍යන්තරයේ අවුල් ඇති කිරීම. අපි වසර 30 ක් මුහුණ දුන්න බෙදුම්වාද යුද්ධය එම ප‍්‍රයත්නයේ සෘජු ප‍්‍රතිඵලයක් තමයි.
එහෙත් බොහෝ දෙනා එම ප‍්‍රශ්නය ජනවාර්ගික ප‍්‍රශ්නය ලෙස හඳුන්වනවා. මෙම ප‍්‍රශ්නයේ ජනවාර්ගික පැතිකඩක් තිබුණත් එසේ හැඳින්වීම වැරදියි. ෆෙඩරල් පක්ෂය ලෙස හඳුන්වාදුන් දෙමළ රාජ්‍ය පක්ෂයේ නිර්මාතෘවරයකු වන එස්. ජේ. වී. චෙල්වනායගම් 1947 දී පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරලා තිබෙනවා, සිංහල මිනිසාට ඉංගී‍්‍රසියෙන් නිදහස් වීමට අවශ්‍ය නම් දෙමළ මිනිසාට රටේ සෙසු ජාතීන්ගෙන් නිදහස් වීමට අවශ්‍ය නොවන්නේ ඇයි කියලා. එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වනවා මෙම කතාව ආරම්භ වෙලා තිබෙන්නේ නිදහස ලැබීමටත් පෙර බව. නමුත් නිදහස ලැබීමට පසු අපේ ඇතැම් ආණ්ඩු අනුගමනය කළ අ¥රදර්ශී කි‍්‍රයාවන් ඒ සඳහා අනුබලයක් වී තිබෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරදක් මම නම් දකින්නේ නෑ. මගේ දැක්ම නම් ආරම්භක අවස්ථාවේදීම සිංහල පමණක් නොවෙයි. දෙමළ භාෂාවටත් සාධාරණ ස්ථානයක් ලබාදිය යුතුව තිබුණා. එය පසුව ඉටු වූවා.
කෙසේ වුවත් අපේ රටේ බෙදුමවාදී යුද්ධයක් ඇති වූයේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නිසා නොවෙයි. ඒ අනුව බෙදුම්වාදී යුද්ධය අපගේ රටේ දේශපාලන අරමුණු ඇති අය සහ විදේශීය බලවේග එක් වී හදපු ප‍්‍රශ්නයක් බව පැහැදිලියි. ඒ අනුව පැහැදිලි වනවා ලෝකයේ ධනවත්, බලවත් රටවල් ලෝකය පාලනය කිරීම සඳහා බෙදුම්වාදය එක් අවියක් ලෙස යොදා ගන්නා බව.
අපේ රටට නිදහස ලැබීමෙන් පසුව තවදුරටත් ධනවත් සහ බලවත් රටවල ග‍්‍රහණයේ තබා ගැනීම සඳහා බෙදුම්වාදය යොදා ගත්තා. ඔවුන් එල්. ටී. ටී. ඊ. සන්නද්ධ ව්‍යාපාරයට උදව් කළා. එම සංවිධානයට එරෙහිව මිලිටරි කි‍්‍රයාමාර්ග ගත් සෑම අවස්ථාවකදීම එම කි‍්‍රයාමාර්ග කඩාකප්පල් කළා.
එහෙත් 2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එක් අවස්ථාවකදී තීරණය කරනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න. අන්න එම තීරණය ගැනීම සහ එය කි‍්‍රයාත්මක කිරීම නිසා ලෝකය පාලනය කරන බලවතුන්ගේ එක් උපක‍්‍රමයක් වැළකී ගියා.
සමහරු අහනවා ලංකාව පිළිබඳව ධනවත් සහ බලවත් රටවල්වලට විශේෂ උනන්දුවක් ඇති වෙන්න තිබෙන හේතුව කුමක්ද කියලා. සමහරු ඒ ප‍්‍රශ්නය මගෙනුත් අහනවා. ඔවුන් වැඩිදුරටත් විමසනවා තෙල් තිබෙන නිසා ඉරාකය, ඉරානය පිළිබඳව උනන්දු වුවත් අපේ රට පිළිබඳව උනන්දු වන්නේ කුමන හේතුවක් නිසා ද කියන එක.
තෙල් නොතිබුණත් ලෝකයේ බලවත් රටවල්වලට අවශ්‍ය සාධක කිහිපයක්ම අපේ රටේ තිබෙනවා. ඉන් එකක් තමයි ශී‍්‍ර ලංකාවේ උපාය මාර්ගික පිහිටීම. ශී‍්‍ර ලංකාව පිහිටලා තිබෙන්නේ යුදමය වශයෙන් සහ වාණිජමය වශයෙන් වැදගත් නාභියක සංධිස්ථානයක.
යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 මැයි මාසයේදී එවකට ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජොන් කෙරී ලංකාවට ආවා. එම අවස්ථාවේදී ඔහු කළ කතාවකදී ප‍්‍රකාශ කළා ශී‍්‍ර ලංකාවට ඉන්දු ශාන්තිකර කලාපයේ සංවර්ධනයේ නාභිය වීමට පුළුවන් බව. ඇමරිකාවේ ඉන්දු ශාන්තිකර කලාපයේ නාවික හමුදාවේ ප‍්‍රධානියා වන්නේ අද්මිරාල් හැරි හැරිස්. ඔහු ලංකාවේ පැවති හොල්ඞ් ඩයලොක් සංවාදයේදී ප‍්‍රකාශ කළා රටක වැදගත්කම තීරණය වන ප‍්‍රධාන සාධක 3 ක් තිබෙන බව. ඔහු පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් ප‍්‍රකාශ කළේ රටක වැදගත්කම තීරණය වන ප‍්‍රධාන සාධකය පිහිටීම වන බවයි. ඒ අනුව පැහැදිලි වනවා බලවත් රටවල්වලට ශී‍්‍ර ලංකාව වැදගත් වන්නේ ඇයි ද කියන එක. මේ රටට පය ගහගන්න යම් බලවතෙකුට පුළුවන් නම් ඉන්දු – ශාන්තිකර කලාපය දකුණු ආසියාව, අග්නිදිග ආසියාව පාලනය කිරීමට හැකි වෙනවා. එම නිසා තමයි මෙම රටවල් දුබල කරලා මෙහි පය ගසා ගැනීමට උත්සාහ දරන්නේ.
එම නිසා තමයි ඔවුන්ගේ ප‍්‍රධාන මෙවලමක් වූ බෙදුම්වාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළේ. එම ආණ්ඩුව පරාජයට පත් කරලා ඔවුන්ට අවනත ආණ්ඩුවක් බලයට ගේන්න ඔවුන් කටයුතු කළා. මම කලින් සඳහන් කළා බලවත් රටවල් වෙනුවෙන් පෙනී සිටින පන්තියක් මෙම රටවල්වල සිටින බව. එම පන්තිය තමයි 2015 සිට 2019 දක්වා මේ රට පාලනය කළේ. මේ වනවිට එම පාලනය මේ රටේ ජනතාව ප‍්‍රතික්ෂේප කරලා තිබෙනවා. 2019 නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව නව ජනාධිපතිවරයකු පත් කළේ රටේ ස්වාධීනත්වය, ආර්ථික ස්වාධීනත්වය රැුක ගැනීම සඳහා. ඒ වගේම ජනතාව නව ජනාධිපතිවරයකු පත් කළේ රටේ සම්පත් රටේ ප‍්‍රයෝජනය සඳහා යොදා ගැනීම, විනය ගරුක රටක් හැදීම, බෙදුම්වාදයට ප‍්‍රභවය දෙන සාධක ඉවත් කිරීම යන අරමුණු පෙරදැරිව.
එම තෝරා ගැනීම මහජනතාවගේ කැමැත්ත ලෙස පිළිගෙන නිහඬ වන්න, ලෝකයේ බලවත් රටවල් මෙන්ම ඔවුන්ගේ අත්උදව් කාරයන් වන මේ රටේ ඉන්න සහචරයනුත් කැමැති නෑ. ඒ අතර එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, බටහිර රටවල්වල මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඔවුන්ට ආවතේව කරන ඊනියා බුද්ධිමතුන් ද සිටිනවා. ඔවුන් උත්සාහ කරනවා ලැබූ ජයග‍්‍රහණය ආපසු හැරවීමට.
ප‍්‍රශ්නය – ස්විස්ට්ර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවක් පැහැර ගිය බව ප‍්‍රකාශ කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවට මත පළ වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස් කුමක්ද?
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගියා කියන සිද්ධියත් එම කි‍්‍රයාදාමයේම තවත් කොටසක් පමණයි. නමුත් එම සිද්ධිය ආපසු ගැස්සුණා. අලූතින් පත්වූ ආණ්ඩුව ඉතාම දක්ෂ ලෙසත්, රාජ්‍ය තාන්ති‍්‍රක ලෙසත් කටයුතු කළ නිසා බලවතුන්ගේ සැලසුමේ එක් කොටසක් නිරුවත් වූවා.
එම සිදුවීමෙන් බලවතුන්ට අපේක්ෂිත ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකි වුවත් ඔවුන් ඉන් නතර වන්නේ නැහැ. එම අභියෝගය ඉදිරියටත් රට හමුවේ තිබෙනවා. අපි ඔවුන්ට අවනතව සිටින තාක් කල් ඔවුන් අපිව පාලනය කරගෙන කරදර නොකර සිටිනවා. නමුත්
ඔවුන්ගේ පාලනයෙන් මිදිලා ස්වාධීන මගක යෑමට උත්සාහ දරන සෑම විටම ඔවුන් අපගේ කටයුතුවලට ඇඟිලි ගසනවා. මම දකින විදියට අලූත් ආණ්ඩුවට ඉදිරියේදී එම අභියෝගයට මුහුණ දීමට සිද්ධ වෙනවා.
යහපාලන ආණ්ඩුව මේ රටට ජාතියට ටොන් ගණනක් බර විලංගුවක් දැම්මා. එය තමයි 2015 ඔක්තෝබර් 01 වැනිදා එම ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග‍්‍රහය දැක්වීම. අපි ස්වාධීනවීමට දරන සෑම උත්සාහයකදීම ඔය කියන ජාත්‍යන්තර ප‍්‍රජාව එම යෝජනාවලිය යොදා ගනිමින් අපට බර දමනවා. එම නිසා මෙම ආණ්ඩුව හමුවේ ජාතිය හමුවේ බරපතළ අභියෝගයක් තිබෙනවා.
එම අභියෝගය භාර නොගෙන ඔවුන්ට අවනත වුවහොත් අත්වන්නේ පරාදීන භාවය, ආර්ථික විනාශය, ජාතික අසමගිය, ප‍්‍රචණ්ඩත්වය හා අස්ථාවරත්වය තමයි.
ප‍්‍රශ්නය – එම් එම් සී, සෝෆා ගිවිසුම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – තවම තිබෙන්නේ සංක‍්‍රාන්ති කාලයක්. එම නිසා එම කාලය තුළදී බලවත් රටවල් උත්සාහ කිරීමට පුළුවන්. කලින් ආණ්ඩුව අත්සන් කිරීමට සූදානම්වූ ගිවිසුම් අප ලවා අත්සන් කරවා ගැනීමට. ඇත්තටම පසුගිය ආණ්ඩුව සෝෆා ගිවිසුමට අත්සන් කරලයි තිබෙන්නේ. එම්.සී.සී. ගිවිසුම තනිව අරගෙන තේරුම් ගන්න බැහැ. එම ගිවිසුම ඇක්සා සහ සෝෆා යන ගිවිසුම් සමගයි සලකා බැලිය යුත්තේ. එම ගිවිසුම් වල අරමුණ කුමක්ද?
මම දැක්කා කොළඹ විශ්වවිiාලයේ මහාචාර්යවරයකු, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු සඳහන් කරලා තිබුණා සෝෆා කියන්නේ අපිට ඉතා හොඳ යහපත් ප‍්‍රතිඵල අත්කරලා දෙන ගිවිසුමක් බව. නමුත් ඒක එහෙම නොවන බව සාක්‍ෂි සහිතව අපිට පෙන්වා දෙන්න පුළුවන්. එම්. සී. සී. කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් ජපානය, ඔස්ටේ‍්‍රලියාව, ද.කොරියාව, යුරෝපා සංගමයේද සහාය ඇතිව ඉන්දු ශාන්තිකර කලාප ඔවුන්ට අවශ්‍ය ආකාරයට පාලනය කර ගැනීම සඳහා ගෙන එන ව්‍යාපෘතියක එක් කොටසක්.
එම රටවල් එම ගිවිසුමෙන් අපේක්‍ෂා කරන්නේ ‘‘නිදහස සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක්.’’ මේ පිළිබඳ ඇමරිකාව ඇතුළු එම රටවල් හදපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තිබෙනවා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල සඳහන් කරලා තිබෙනවා ඉන්දු ශාන්තිකර කලාපය ලෝකයේ අර්ථිකමය වශයෙන් ඉතාම කි‍්‍රයාශීලි කලාපය බව. ඒ වගේම එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල සඳහන් කරලා තිබෙනවා එම කලාපය තමන්ගේ අණසකට ගැනීමට ඒකාධිපති දුෂ්ඨ බලවේගයක් කි‍්‍රයාකරන බව. ඔවුන් ඒකාධිපති දුෂ්ඨ බලවේගය ලෙස හඳුන්වා තිබෙන්නේ චීන මහජන සමූහාණ්ඩුව. 2019 ජුනි 01 වැනිදා ඇමරිකාවේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වාර්තාවක් සකස් කළා. එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මෙම කලාපයේ තිබෙන තර්ජනය චීනය බවත්, චීනය කොමියුනිස්ට් රාජ්‍යයක් බවත්, එම රට මෙම කලාපය ණය උගුලක සිරකරන බවත්, එම මර්දනකාරී පාලනයෙන් මෙම කලාපය මුදාගැනීම අවශ්‍ය බවත් එම ප‍්‍රකාශනවල සඳහන් වනවා. ඒ වගේම 2019 මාර්තු මාසයේදී තවත් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම වාර්තාව සකස් කරලා තිබෙන්නේ ඇමරිකාවේ බුද්ධි මණ්ඩලයක් වන හොරිටෙජ් ෆවුන්ඬේෂන්. එම වාර්තාවෙත් ඒ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ඉන් පසුව 2019 නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවෙත් එම්. සී. සී. ගිවිසුම පිළිබඳ සඳහන් කරලා තිබෙනවා. එම වාර්තාවෙත් ඉහත සඳහන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
පසුගිය වසරේ ජුනි මාසයේදී ඇමරිකාවේ ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. ආසියානු කලාපය තුළ ඇමරිකාවේ යුද බලය වැඩි කරන බව.
තවත් අවස්ථාවකදී ඔවුන් සඳහන් කරලා තිබුණා ආසියාවේ න්‍යෂ්ඨික මිසයිල ස්ථාන ගත කළ යුතු බව. එහිදී ඔවුන් චීනය පිළිබඳව සඳහන් නොකළත්, ඔවුන්ගේ ඉලක්කය චීනය තමයි.
එම්. සී. සී. කියන්නේ ආර්ථික සංවර්ධනයට අත දෙන මුවාවෙන් අප වැනි රටවල් ඔවුන්ගේ පුළුල් ඉන්දු ශාන්තිකර කලාපීය උපාය මාර්ගයට කොටුකර ගැනීමේ මෙවලමක්. එම මෙවලම කි‍්‍රයාත්මකවූ විට අපේ රටේ පාරවල් ටිකක් හැදෙන්න පුළුවන්. යම් ප‍්‍රතිලාභයක් එන්න පුළුවන්. නමුත් අප දැන ගත යුතුයි එම ප‍්‍රතිලාභය මාළුන් අල්ලන්න දාන ඇමක් කියන එක.
ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන මහාචාර්ය හෙන්රි කීසිංගර් පසුගිය දිනක සඳහන් කරලා තිබුණා චීනය සහ ඇමරිකාව අතර වර්ධනය වෙමින් පවතින වෙළෙඳ යුද්ධය අනාගතයේදී සැබෑ යුද්ධයක් බවට පත්විය හැකි බව. එම සැබෑ යුද්ධය සිද්ධ වෙන්නේ වෙන කොහේවත් නොවෙයි. ඉන්දු ශාන්තිකර කලාපයේ. අපි එම්. සී. සී, සෝෆා, ඇස්කා යන ගිවිසුම් වලට අත්සන් කරනවා කියන්නේ මෙම භූමිය එම යුද්ධය සිද්ධ වෙන භූමියක් බවට පත්කිරීම තමයි.
ප‍්‍රශ්නය – ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය ආණ්ඩුව ඇමරිකාව සමඟ සම අනුග‍්‍රහය දැක්වූ 30/1 යෝජනාවට පිළිතුරු ලබාදීමට ස්වභාවික යුක්තිය සහ මූලධර්මය යටතේ අවස්ථාව ලබාගත යුතු බව එම යෝජනාවට එරෙහි පාර්ශවයන් ප‍්‍රකාශ කරනවා නේද?
පිළිතුර – මිනිස් ඉතිහාසය තුළ වැඩියෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල් තමයි එම යෝජනාව ගෙන ඒමට කටයුතු කරලා තිබෙන්නේ. ඔවුන් එම යෝජනාව ගෙන එන්නේ මම කලින් සඳහන් කළ ආකාරයට අපව ඔවුන්ගේ ග‍්‍රහණයේ තබාගැනීමේ මෙවලමක් ලෙස.
30/1 යෝජනාව පදනම් වෙලා තිබෙන්නේ සනාථ නොකරන ලද ඒකපාර්ශ්වීය තොරතුරු. එම තොරතුරු පදනම් කරගෙන දීලා තිබෙන තීන්දුව ස්වභාවික යුක්තිය පසිඳලීමේ මූලධර්මයටත් පටහැනියි. එම නිසා එම යෝජනාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
සාකච්ඡුා කළේ එරික් ගාමිණි ජිනපි‍්‍රය
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...