දේශීය පුවත්

අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨ මාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යයක් වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත අදාළ විශ්ව විද්‍යාලය මගින් දැනුම්දී ඇති බව සඳහන්.

මෙම තරුණියන් තිදෙනා නවාතැන් ගෙන සිටි,අසර්බයිජානයේ බකූ අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම්මහලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත.

ගින්නෙන් හටගත් විෂ දුම ආඝ්‍රාණය වීම නිසා සිසුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නට හේතුව එම නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බවට හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා මෙම ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනා පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

එම විශ්ව විද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බව හා වෙනත් නවාතැනක් කුලී පදනම මත ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සේවා සැපයීමක්ද සිදුනොකර බවට එම සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් මෙම ස්ථානයේ නවාතැන් ගෙන සිටි බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අසර්බයිජානයේ ශ්‍රී ලංකා කොන්සියුලර් සේවයක් නොමැති බැවින් වෙස්ට් කැස්පියන් විශ්ව විද්‍යාලය සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත දැනුම් දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සඳහා එම කාර්යාලයේ උපදෙස් අපේක්ෂාවන් සිටින බවද විශ්ව විද්‍යාලය පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More