විදේශ පුවත්

ඕමානයේ සුල්තාන්(රජු ) වසර 50ක කාලයක් එරට පාලනය කර වයස අවුරුදු 79දී දීර්ඝ කාලයක් තිස්සේ මහාන්ත්‍රයේ හටගත් පිලිකාවකින් පීඩා විඳිමින් සිට තම ජීවිතයෙන් සමුගත් බව ඕමාන රජයේ මාධ්‍ය පවසා සිටී. උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් සමුද්‍ර සන්දියක් වන හෝමූස් සමුද්‍ර සන්දියේ පිහිටි ඕමාන රාජ්‍යය ඉරානයේ ඉස්ලාමික ජනරජය සමඟ ගල්ෆ් කාලාපයේ වෙනත් කිසිදු රටකට වඩා හොඳ රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන ගිය රටක් විය.ඔහුගේ රාජ්‍ය කාලය තුළ ඉරානය සහ අමෙරිකාව අතර මැදිහත් කරුවෙකු ලෙස දැවැන්ත අන්තර්ජාතික භූමිකාවක් ඉටුකරනු ලැබීය.ඉරානය සහ අමෙරිකාව අතර යුදමය තත්වයක් ඇතිවීමට ගිය එක් තීරනාත්මක අවස්ථාවක් එක් සතියක ඇතුලත අමෙරිකානු සහ ඉරාන රාජ්‍යයන්හි ඉහළ රාජ්‍යය තාන්ත්‍රික නිළධාරීන් අතර දෝලනය වෙමින් ඉරාන විදේශ ඇමති ජාවෙඩ් ෂරීෆ් මහතාට පර්සියානු ගල්ෆ් කාලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය සමනය කිරීමට අවශ්‍ය බලපෑම් කරනු ලැබීය.
ඕමානය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය තුළ සිටින යේමනයට සෞදි අරාබියාව විසින් කරනු ලබන යුදමය මැදිහත් වීමට 2015 වර්ෂයේ සිටම එකඟ නොවන එකම රට වන්නේය.ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවී ඇති අති භයානකම මානුෂීය අර්බූදය වන යේමනයේ ඇතිවී තිබෙන මානුෂීය අර්බූදය විසඳීමට යේමනයේ “හවුති” සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර වක්‍ර සාකච්ඡා ඇරඹීමටද පසුගිය නොවැම්බරයේදී ඔහුගේ නායකත්වයෙන් ඕමාන රාජ්‍යය මැදිහත්විය.

මහාබ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඕමානය ඔහුගේ පියා විසින් 1970 දක්වා පාලනය ගෙනගිය අතර කිසිදු ලේ සෙලවීමකින් තොරව ඔහුගේ පියාවූ සයිඩ් බින් ටයුමර් සුල්තාන්වරයාව බලයෙන් පහකර ඕමානයේ බලය අල්ලා ගත්තේය.

සුල්තාන් , කබූස් බින් සයිඩ් අල් සයිඩ් ඕමානයේ බලය අල්ලාගැනීමට පෙර ඕමානය සතුව තිබූ තාරදැමූ මාර්ග වල දිග කිලෝ මීටර10කටත් අඩු විය. එසේම සමස්ත ඕමානයම සතුව තිබුනේ එක් රෝහලක් පමණක්වූ අතර කිසිදු ද්විතීක පාසලක් ඕමානය සතුව නොතිබිනි.සුල්තාන් , කබූස් බින් සයිඩ් අල් සයිඩ් ගේ වසර 10ක පාලනය අවසානයේ 1980 වසර වනවිට ඕමානයට කිලෝ මීටර 12,000ක් දිග තාර ඇතිරූ මාර්ග හිමිවූ අතර ද්වීතීක පඨශාලා 363ක් සහ රෝහල් 28ක් හිමිවූ බව මානව විද්‍යාඥයෝ පවසති.මහාන්ත්‍රයේ හටගත් පිලිකාවකට ප්‍රතිකාර පිණිස බෙල්ජියමේ රෝහලකට ඇතුලත්වූ සුල්තාන්වරයා පසුගියදා නැවත ඕමානයට පැමිණියේය.ඕමාන සුල්තාන්වරයාට දරුවන් නොමැති අතර ඔහුගෙන් පසුව රාජ්‍යය පාලනයට කෙනෙකු නම් කිරීමක්ද නොකළේය.1996 දී ඕමානය සම්මත කරගත් පනතකට අනුව සුල්තාන්වරයා යම්හෙයකින් මියගිය හොත් දින තුනක් ඇතුලත රාජ්‍යත්වය භාරගැනීමට සුල්තාන්වරයෙකු රාජකීය පවුල විසින් පත් කළ යුතුය. ඕමානය ගල්ෆ් කලාපයේ රඟදැක්වූ ජාත්‍යන්තර භූමිකාව සමස්ත ලෝක සාමයට ඇතිකළ ධනාත්මක බලපෑම කළ හැකි සුල්තාන්වරයෙකු ඕමානයට පමණක් නොව ලෝකයේ සාමයට ලැදි ජනයාගේ ප්‍රාර්තනය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More