දේශීය පුවත්

මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇත.

මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යයි ජනාධිපතිවරයා නියම කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ලබාගන්නා ගුවන් ටිකට්පතට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා වන ගුවන් ටිකට්පත්ද ඒ සියලුදෙනාගේ හෝටල් ගාස්තු හා රෝහල් ගාස්තු ඇතුළු සියලු වියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා තිබේ. ජනතා වරමින් තේරී පත්වන මහජන නියෝජිතයන් තමන්ගේ පෞද්ගලික විය හියදම් තමන් විසින් දරා ගැනීමේ ප්‍රතිපත්තිය දිරිගැන්වීම පිණිස ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More