අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.
එම සුසුවියන් මියගොස් තිබුණේ, නවාතැන් ගෙන සිටි නිවසේ ඇති වු ගින්නකින්.
මෙම සිසුවියන් තිදෙනා මීට මාස හයකට පෙර අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබුණේ, වසරක ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් සඳහායි.
බකූ අගනුවර පිහිටි ඔවුන් ඉගෙන ගත් විශ්වවිද්‍යාල ආසන්නයේම බේයිල් නාගරික සීමාවේ පිහිටි පෞද්ගලික දෙමහල් නිවසක මොවුන් නවාතැන් ගෙන ඇත.
එම නිවසේ පහත මාලයේ ගින්නක් ඇත්වන්නේ පසුගිය 9 වැනිදායි.
නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන අති බව පැවසෙයි.
එහිදි දුම ආග්‍රහනයවීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.
මිය ගිය තිදෙනා අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකුද වේ.
ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියේ පසු වු අතර ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසු විය.
මෙම දරුවන් දෙදෙනාගේ මියයැමේ සිද්ධිය පිළිබඳ දැන ගත් ඔවුන්ගේ නැන්දනිය හෘද්‍යාබාධයක් හේතුවෙන් ඊයේ (10) ජීවිතක්ෂයට පත් විය.
සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසි නැමැති 25 හැවිරිදි තරුණියක්.
විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා අප කළ විමසීමකදි සඳහන් කළේ තරුණියන්ගේ දේහ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
අසර්බයිජාන්හි මෙරට තානාපති කාර්යාලයක් නොමැති හෙයින් ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකමම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...