දේශීය පුවත්

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක් (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය.

රත්නපුර, ගෝනකුඹුර පදිංචි ඇය මේ වනවිටත් සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින්නියකි.

‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස ඇයගේ මෙම පහසු ආහාර අසුරනය යොදාගත හැකිය.

තරුෂි විදුෂිකාගේ නව නිපැයුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018‘ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඞ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන ඇත. ‘ආහාර රැගෙන යන බදුනට සහ ලන්ච් ෂීට් එකට ආදේශකයක්’ වන අයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90ක කාලයක් සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි.

පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මෙහිදී ඇයට සුබ පතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More