විදේශ පුවත්

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාකේල් මැතිනියගේ රුසියානු සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ කළ ද්විපාර්ශවීය සාකච්ඡා වලින් පසුව නායකයන් දෙපල මාධ්‍ය වෙත පැමිණ පැමින ප්‍රකාශ කර සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල “අත්‍යන්තයෙන්ම වැදගත්” කාරනයක් ලෙස සලකා කුමන ආකාරයේ බාධක පැමිණියද එම වැඩපිළිවෙල ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය දක්වන බවයි.

නායකයන් දෙපලම 2015 ගිවිසුම හෙවත් “ඒකාබද්ධ විස්තීර්න සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල- Joint Comprehensive Plan of Action (JCPOA)” සුරැකීම වගකීමක් ලෙස සලකන බව පවසා සිටියෝය. පසුගියදා අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් සිදුවූ ඉරාන හමුදාවේ ඉහළම නිලධාරියාගේ ඝාතන සිද්ධිය මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට බාධාවක් නොකරගත යුතු බව ප්‍රකාශ කර සිටියෝය.

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇන්ජෙලා මාකේල් මැතිනිය පවසා සිටියේ” JCPOA ආරක්ෂා කිරීමට සියලුම උත්සහායන් දැරිය යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික උපකරණය ඒ සඳහා හැකි උපරිමයෙන් යොදාගත යුතුයි.” යනුවෙනි.
ව්ලැදිමීර් පුටින් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ “අත්‍යන්ත වැදගත්කමකින් යුතු මේ වැඩපිළිවෙල ආරක්ෂා කිරීමට සියලුම පාර්ශවයන් නැවත ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතුයි” යනුවෙනි.

ඉරානය 2015 දී එකඟවූ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමෙන් ඉවත් වන බව ප්‍රකාශ කර සිටියේ ඉරාන හමුදාවේ ඉහළම නිළධාරියෙකු වූ මේජර් ජනරල් කාසිම් සොලෙයිමානි ඇමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනය වීම , ඉරානයට එරෙහිව අමෙරිකාව පනවා ඇති ඉරාන ආර්ථිකය දුර්වල කිරීමේ සම්බාධක සහ අමෙරිකාව ගිවිසුමෙන් ඉවත්වීම යන කරුනු හේතුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ අමෙරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක වලින් ගැලවී යාමට සකස් කර ගත් උපායක් වන INSTEX Europe ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉරානය සමඟ කරනු ලබන ආර්ථික කටයුතු යථාතත්වයට පත්වීම කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි බවයි. එලෙසම මෙම උපක්‍රමය සාර්ථක වුවහොත් යුරෝපා ජාතිය තම ආර්ථිකයට එල්ල වන “ඩොලර්” පීඩනයෙන් මිදීමට ස්වාධීන වැඩපිළිවෙලක් සකස් කරනවාය යන පණිවිඩයද නිකුත් වීමට නියමිත බව එතුමා පවසා සිටියේය.

කෙසේ වුවද යුරෝපය ගන්නා මෙම උත්සහාය තවමත් සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. මෙම උපක්‍රමශීලී වැඩපිළිවෙල 2019 වර්ෂයේ මුල් භාගයේදී ඉදිරිපත් කළ අතර මානුෂික අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන්වූ භාන්ඩ වන ආහාර සහ ඖෂධ වලට පමණක් වැඩපිළිවෙල සීමා වී පවතී.මේ අතර යුරෝපා සමාගම් ඉරානය සමඟ ගනුදෙනු කිරීමට කල් මරමින් සිටින්නේ අමෙරිකානු වෙළෙඳපොළ අහිමී වේ යැයි යන බිය හේතුවෙන් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More